අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහජන බැංකුවෙන් ව්‍යවසායක උදානය Featured

    ජූලි 11, 2014

    මහජන බැංකුවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධන ඒකකය මෙහෙය වන ව්‍යවසායක උදානය සම්මන්ත්‍රණ මාලාවේ අදියර දෙකක් පුත්තලම ෆා ඉන් බීච් හෝටලයේදී හා කළුතර ගාර්ඩ්න් බීච් හෝටලයේදී පසුගියදා පැවැත්විණි.


    මෙම ව්‍යවසායක උදාන සම්මන්ත්‍රණ මාලාව ව්‍යවසායකත්වය, ව්‍යාපාරික සැලැස්ම, අලෙවිකරණ කළමනාකරණය, මූල්‍ය ගිණුම්කරණය, මූල්‍යා කළමනාකරණය බදු ආශ්‍රිත ගැටලු පිළිබඳව ගනුදෙනුකරුවන් දැනුවත් කිරීම අරමුණු කර ගනිමින් ක්‍රියාත්මක කෙරේ. දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක් ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක වන මෙම වැඩසටහන මහජන බැංකුවේ නිලධාරීන් සහ ඒ ඒ විෂය පිළිබඳව ප්‍රමාණික විද්වතුන් සම්පත් දායකත්වය සපයයි.
     

    මෙම අවස්ථාවන්ට මහජන බැංකුවේ නියෝජ්‍ය සමාන්‍යාධිකාරී (සමූපකාර හා සංවර්ධන බැංකු කටයුතු) ටී.ඒ. ආරියපාල, සහකාර සාමාන්‍යාධිකාරී (සුළු හා මධ්‍ය පරිමාණ) වික්‍රම නාරායන, කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය බී. නිශාන්ත, ආචාර්ය සමන් නිශාන්ත, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් බන්දුල හපුතන්ත්‍රිගේ යන මහත්වරු සහ ගනුදෙනුකාර භවතුන් විශාල ප්‍රමාණයක් සහභාගී වූහ.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya