අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉතාලි රැකියාලාභී පළමු කණ්ඩායම ඉතාලිය බලා පිටත්ව යයි

    ජූලි 09, 2014

    ශ්‍රී ලංකා - ඉතාලි රාජ්‍යයන් අතර අත්සන් කළ අවබෝධතා ගිවිසුමක් මත තරග විභාගයකින් ඉතාලියේ රැකියා සඳහා තෝරාගත් පළමු කණ්ඩායම ඊයේ (08) ඉතාලිය බලා පිටත්ව ගියහ.


    කාන්තාවන් 8 දෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායම ඉතාලියේ සාත්තු සේවිකාවන් ලෙස සේවය කිරීමට අවස්ථාව ලැබූහ.


    පසුගිය සිකුරාදා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී විදේශ රැකියා ප්‍රවර්ධන හා සුභ සාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා විසින් ඔවුන් වෙත ගුවන් ටිකට් පත් ප්‍රදානය සිදු කරන ලදී. එම අවබෝධතා ගිවිසුම මගින් ඉතාලි රජය විසින් පවත්වන ලද විභාගයකින් 77 දෙනෙකු ඉතාලි රැකියාලාභීන් ලෙස තේරී පත්ව ඇතැයි එහිදී අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා ප්‍රකාශ කළේය. සාත්තු සේවිකාවන් ලෙස සේවය කිරීමට ඉතාලිය බලා පිටත් වන කාන්තාවන්ට ඉතා ඉහළ වැටුප් සමඟ ප්‍රතිලාභ රැසක් හිමි වනු ඇතැයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.


    මෙම රැකියාලාභීන් හට සිවු වසරක රැකියා වීසා බලපත්‍ර ලැබෙන අතර එම කාලය අවසන් වූ පසු කිසිදු ගැටලුවකින් තොරව ආපසු පැමිණිය යුතු බව කාර්යංශ නිලධාරීන් විසින් එහිදී ඔවුන්ට දැනුම් දෙන ලදී. මෙම රැකියා ලබා දීමේදී කිසිදු තුන්වැනි පාර්ශවයක් සම්බන්ධ නො වූ බවත් ඉතාලි රජය විසින් අන්තර්ජාලය හරහා පවත්වන ලද විභාගයකින් ඔවුන් තෝරාගත් බවත් නිලධාරීන් අවධාරණය කළහ.


    SDF/Priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya