අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අලුත්ගමට සහ බේරුවලට හමුදා කඳවුරක් ස්ථාපිත කරන්නේ නැහැ

    ජූලි 09, 2014

    අලුත්ගම සහ බේරුවල ප්‍රදේශවලට අදාළව හමුදා කඳවුරක් ඇති නොකරන බව යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසුයේ ඊයේ (08) උදැසන කොල්ලුපිටියේ මාධ්‍ය කේන්ද්‍රයේ පවතී මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි.


    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, "දැනට 750 අධික යුධ හමුදා සාමාජිකයින් පිරිසක් එම ප්‍රදේශවල ප්‍රතිසංස්කරණ කටයුතුවල රාජකාරිවල නියුතු වේ. බල ඇණියකට අධික එම භට පිරිස පරිපාලනයකට යටත්ව කාර්යක්‍ෂමව කටයුතු කළ යුතු අතර ඒ සඳහා ඒ සියලු ම දෙනා කටයුතු අවසාන වනතෙක් කඳවුරක එම ප්‍රදේශයේ රැඳී සිටිය යුතු බවත්, එය තාවකාලික වන බවත් යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසිය. එමෙන් ම හමුදා කඳවුරක් ස්ථාපිත කිරීම පහසු කාර්යයක් නොවන බවත්, අනවශ්‍ය ස්ථානයක කඳවුරක් ස්ථානගත නොකරන බවත් ඔහු තවදුරටත් පැවසිය.

    මෙම ප්‍රතිසංස්කරණ කටයුතු ද ඉතාම විනිවිද භාවයකින් යුක්තව සිදුකරන බව පැවසූ යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, හමුදා විනයාරක්‍ෂක පොලිසියේ සහය ඒ වෙනුවෙන් ලබා ගන්නා බවයි.

     

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya