අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිරිතදිග සුළං ප්‍රවාහයේ අභිසාරී බව නිසා ඉදිරි දිනවල වැසි Featured

    ජූලි 10, 2014

    නිරිතදිග සුළං ප්‍රවාහයේ පවතින අභිසාරී බව හේතුවෙන් ඉදිරි දින කිහිපයේ දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    අදත් (10) දිවයිනේ, විශේෂයෙන් මහනුවර, නුවරඑළිය සහ කෑගල්ල දිස්ත්‍රිත්කවලට අයත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වල නිරිතදිග මෝසම් සුළං වේගය විටින් විට ඉහළ යාමට ඇති  හැකියාව තවදුරටත් පවතී.


    අද උදෑසන 05.30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. මෙම වැසි වයඹ පළාතට ද පැතිර යා  හැක.


    අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ඌව සහ නැගෙනහිර පළාත්වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.


    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය


    රත්නපුරයට විටින් විට වැසි ද ගාල්ල, කොළඹ, නුවරඑළිය සහ මහනුවරට වැසි වාර කිහිපයක් ද ඇති විය හැක.


    අනුරාධපුර, යාපනය හා මන්නාරමට ප්‍රධාන වශයෙන් වැසි නොමැති තත්ත්වයක් පවතී.


    මඩකළපුව හා ත්‍රිකුණාමලයට අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.


    උෂ්ණත්වය හා වර්ෂාපතනය


    උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 36.0°C ත්‍රිකුණාමලයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 14.0°C නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.


    ඊයේ උදෑසන 8.30න් අවසන් වූ පැය 24 සඳහා දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 36.8°C පොලොන්නරුව ප්‍රදේශයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 14.5°C නුවරඑළියෙන් ද මි.මී. 52.0ක උපරිම වර්ෂාපතනය​ නුවරඑළිය හෙල්බොඩ උතුර ප්‍රදේශයෙන් ද වාර්තා වී තිබේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya