අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2016 දී තාක්ෂණ විෂය ධාරාවෙන් 12%කට සරසවි වරම් Featured

    ජූලි 08, 2014
    තාක්ෂණවේදය විෂය ධාරාව හරහා උසස් පෙළ හදාරණු ලබන සිසු සිසුවියන්ගෙන් 12%කට 2016 වසරේ දී සරසවි වරම් හිමිවන බව යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (08) එම අමාත්‍යංයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගිවෙමිණි.
     
    පාසල් 252ක් තුළ ළමුන් 14,000ක් තාක්ෂණ විෂය ධාරවෙන් උසස් පෙළ හදාරනවා.  මේ අතුරින් 2000කට සරසවි වරම් හිමිවන අතර තවත් 2000ක පිරිසකට විශ්වවිද්‍යාල විද්‍යායතන වෙත යොමු කිරීමට බලාපොරොත්තු වන බවත් පැවසූ අමාත්‍යවරයා අනෙක් විෂය ධාරාවන්ගෙන් සරසවි වරම් ලැබෙන්නේ 2%ක් තරම් සීමිත ප්‍රමාණයකට බවත් පැවසීය.
     
    වසර 6කට පෙර රාජ්‍ය වෘත්තීය පුහුණු ආයතන කරා පිරිස දෙගුණයක් බවට පත්වී ඇත. මැද පෙරදිග රැකියා වෙළෙඳපොළ තුළ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන්ගේ ප්‍රමාණය අඩු වී ඇත. 
     
    විදේශ ශ්‍රමිකයින් හරහා ලැබෙන විනිමය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 6 ඉක්මවා ඇත. රජයක් ලෙසින් වසර 4ක කාලය තුළ නිපුණතා සංවර්ධනයට විශාලතම ආයෝජනය දැරීමට කටයුතු කොට ඇති බවත් වර්ෂික අයවැය හරහා 2014 සිට 2018 දක්වා කාලය සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 300ක මුදලක් ද, ලෝක බැංකුව හරහා ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක ආයෝජනයක් ද සිදු කොට ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
     
    වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රයට ජූලි 15වන දින ඉතා වැදගත් දිනයක් බැවින් නිපුණතා දිනය එදිනයට යොදා බව පෙන්වා දුන් අමාත්‍යවරයා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් නිපුණතා සංවර්ධනය සඳහා වැදගත් පියවර රැසක් ගෙන ඇතැයි ද වැඩිදුරටත් පෙන්වාදුන්නේය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya