මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික නිපුණතා දිනය වෙනුවෙන් වැඩසටහන් රැසක්

    ජූලි 08, 2014
    ජාතික නිපුණතා දිනය ජූලි 15දාට යෙදී ඇති අතර ඒ වෙනුවෙන් වැඩසටහන් රැසක් සංවිධානය කිරීමට යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍යංශය කටයුතු යොදා ඇත.
     
    ජාතික නිපුණතා දිනයට සමගාමීව දේශීය හා විදේශීය නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් අන්තර්ජාතික සමුළුවක් 15 සහ 16 දිනවලදී කොළඹ ගලදාරී හෝටලයේ දී පැවැත්වීමට නියමිතය. මෙම සමුළුව සඳහා රටවල් 19ක් නියෝජනය කරමින් විදේශ නියෝජිතයින් 50කට ආසන්න ප්‍රමාණයක් සහභාගිවීමට නියමිතය. 
     
    මෙම සමුළුව වෙනුවෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සුබපැතුම් පණිවුඩයක් ද නිකුත් කිරීමට කටයුතු යොදා ඇත.
     
    තාක්ෂණික විෂය ධාරාව උගන්වනු ලබන පාසල්වල මෙම දිනය හා සමගාමීව විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති අතර ශිෂ්‍යත්ව අරමුදලක් ඇති කිරීමට කටයුතු යොදා ඇත.
     
    අන්තර්ජාතික සමුළුව ආරම්භවන 15දා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සමරු මුද්දරයක් ද නිකුත් කරනු ඇත. එදිනම පස්වරු 7.30ට කොළඹ නව නගර ශාලාවේ ලිප්ටන් වටරවුමේ සිට නිදහස් චතුරස්‍රය දක්වා ගමන් කිරීමට නියමිතය. 
     
    10දා සිට 15දා දක්වා කාලය තුළ විවිධ වෘත්තීන්හි නිපුණතාවක් ලබාගෙන පසුව සාර්ථක ව්‍යාපාරිකයන් වු ශිෂ්‍යයන් 30දෙනෙකු පිළිබඳ ව සකස් කළ වීඩියෝ නිර්මාණයන් රූපවාහිනි නාලිකා හරහා විකාශය කිරීමට ද කටයුතු යොදා ඇත.
     
    ජූලි 15 දා ජාතික නිපුණතා දිනය ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය විසින් නම් කරනු ලැබ තිබේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya