බිනර පුර පසලොස්වක පොහොය අද ( 05 )ට යෙදී ඇත. කාන්තා පක්ෂයේ විමුක්ති සුවය උදාකරමින් බුදුරජාණන් වහන්සේ භික්ෂූණි සසුන ආරම්භ කළේ අදවැනි පොහොය දිනකය. මහා ප්‍රභාපති ගෝතමීය ඇතුළු 500ක් කාන්තාවන් අෂ්ඨගරු ධර්ම පිළිගැනීමෙන් අනතුරුව පැවිද්දට ඇතුළු වූයේ ද අදවැනි පොහෝ දිනකදී ය.