නොවැම්බර් 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු මැද අසාධ්‍ය වකුගඩු රෝගීන් සඳහා සහන සත්කාර මධ්‍යස්ථානයක්

    අගෝස්තු 29, 2017
    උතුරු මැද පළාතේ අසාධ්‍ය වකුගඩු රෝගීන් සඳහා වූ සහන සත්කාර මධ්‍යස්ථානය අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉදිකිරීම සම්බන්ධයෙන් මුලික අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම ඊයේ (28) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදු කරන ලදි. ඒ සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි.
     
    ඔස්ට්‍රේලියාවේ “ශාන්ති” පදනම ඒ සඳහා ආධාර ලබාදෙනු ලබයි.
     
    මෙම මධ්‍යස්ථානය ගොඩනඟා එය පවත්වාගෙන යාමට සම්පූර්ණ මුල්‍යාධාර වශයෙන් රුපියල් මිලියන 120 ක මුදලක් ලබාදිමට “ශාන්ති” පදනම බලාපොරොත්තු වේ. ඉදිරි වසර 100ක කාලයක් මෙම මධ්‍යස්ථානය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය මුල්‍යාධාර ලබාදීමට ද නියමිතය. එය ශ්‍රී ලංකාවේ ප්‍රථම සහන සත්කාරක මධ්‍යස්ථානයයි.
     
    ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා සොලිසිටර් ජනරාල් කාර්යාලයේ සහ අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිලධාරීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya