මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මුස්ලිම් පාසල්වල දෙවන පාසල් වාරය අවසන් කිරීමේ වෙනසක්

    අගෝස්තු 18, 2017

    සියලුම මුස්ලිම් පාසල් වල දෙවන පාසල් වාරයේ දෙවන අදියර අවසන් කිරීමේ දිනය හා තෙවන වාරය ආරම්භ කිරීමේ දිනය සංශෝධනය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

    දිවයිනේ සියලුම මුස්ලිම් පාසල්වලට දෙවන පාසල් වාරයේ අදියර දෙකක් යටතේ නිවාඩු ලබාදීම සිදුවන අතර එහි පළමු අදියර 2017.05.27 සිට 2017.06.27  දක්වා නිවාඩු ලබා දී තිබුණි.

     

    එහි දෙවන අදියර සඳහා (හෙට) 2017.08.18 සිට 2017.08.27 වන දින දක්වා නිවාඩු ලබා දීමට නියමිතව තිබුණි. නමුත් සැප්තැම්බර් මස 01 වනදාට යෙදෙන හජ්ජි උත්සවය හේතුවෙන් එම නිවාඩු දිනයන්හි සංශෝධනයක්  සිදුකර ඇත.

     

     "ඒ අනුව සියලු ම මුස්ලිම් පාසල්වලට දෙවන පාසල් වාරයේ දෙවන අදියර සඳහා හෙට සිට ලබා දීමට තිබූ නිවාඩුව අවලංගු වන අතර ඒ වෙනුවට 2017.08.31 සිට 2017.09.08 දක්වා නිවාඩු ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

     

    මුස්ලිම් පාසල්වල තෙවන පාසල් වාරය, 2017.09.11 වන සඳුදා දින ආරම්භ කිරීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya