මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බස් ප‍්‍රමුඛතා මංතීරු ක‍්‍රමය අද සිට Featured

    අගෝස්තු 15, 2017
    කොළඹ නගරයේ රථ වාහන තදබදය අවම කිරීමේ අරමුණින් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ සංකල්පයක් මත ක‍්‍රියාත්මක ප‍්‍රමුඛතා මංතීරුව හඳුන්වා දීමේ වැඩසටහන මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙය වීමෙන්, විශේඥ දැනුම සමග ව්‍යාපෘති උපදේශක ලෙස මහාචාර්ය අමල් කුමාරගේ මහතාගේ මූලිකත්වයෙන් ශ‍්‍රී ලංකා පොලීසිය, මාර්ග සංවර්ධන අධිකාරිය, මොරටුව විශ්ව විද්‍යාලය, කොළඹ මහනගර සභාව, ප‍්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය, ජාතික ගමනා ගමන මණ්ඩලය, ජාතික ගමනා ගමන කොමිසම, බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරිය, ලංකා පුද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය යන ආයතන ද ඒකාබද්ධව අද (15) දින සිට කොළඹ නගරය ආශ්‍රිත ව ක‍්‍රියාත්මක කිරීමට නියමිතය.
     
    ඒ අනුව, ප‍්‍රමුඛතා මංතීරු ක‍්‍රමය ක‍්‍රියාත්මක සමාරම්භක දිනය වන අද (15) මොරටුව, කුරුස මංසන්ධිය සිට කටුබැද්ද දක්වාත්, සැවොයි සිනමා ශාලාව සිට බම්බලපිටිය මංසන්දිය දක්වාත්, කොළඹ නගරය දෙසට ගමන් කරනු ලබන පොදු ප‍්‍රවාහන සේවා ඒක මංතීරුවක පමණක් ගමන් කරනු ඇත.
     
    පෙරවරු 06.00 සිට පෙරවරු 09.00 දක්වා සතියේ දිනවලදී මෙම මාර්ගයන්හි කොළඹ දෙසට වෙන් කරනු ලැබූ මංතීරු තුළ ධාවනය කළ යුතු වන අතර එම වේලාවන්හි මංතීරුව තුළ අනෙකුත් වාහන ධාවනය කිරීම අත්හිටුවා ඇත.
     
    මෙම බස් ප‍්‍රමුඛතා මංතීරු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට පෙර අදාල මාර්ගයන් හි යටිතල පහසුකම් දියුණු කර ඇති අතර සීසීටීවි මගින් බස්රථ අධීක්‍ෂණය කරනු ඇත. තවද GPS තාක්ෂණය යොදා ගනිමින් බස්රථ ගමන් කරනු ලබන ආකාරය හා නිවැරදි මංතීරු අනුගමනය කරන්නේ ද යන්න නිරන්තරයෙන් සොයා බැලීමට ද කටයුතු යොදා ඇත.
     
    දීර්ඝ කාලීනව උදෑසන හා සවස් කාලයේදී මගී ජනතාව සහ අනෙකුත් වාහනවල ගමන් කරන අය උදෙසා මාර්ග තදබදයකින් තොරව සිය ගමනාන්ත දක්වා ගමන් කිරීමට මෙමගින් විශේෂ වූ තොරතුරු රැසක් ලබාගැනීමත් ප‍්‍රායෝගික තත්වයන් සඳහා මුහුණ දීමටත් මෙම මූලික අදියරේ දී කටයුතු සැලසෙනු ඇත. එහෙයින් මෙම ව්‍යාපෘතිය සඳහා සැමගේ සහය අත්‍යාවශ්‍ය බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya