අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආසියා-ෆැසිපික් දන්ත සමුළුවක් ශ්‍රී ලංකාවේදී Featured

    ජූලි 02, 2017

    2017 වසරේ දී ආසියා-ෆැසිපික් දන්ත වෛද්‍ය සංගමයේ සමුළුව ද ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය.

    ශ්‍රී  ලංකා දන්ත වෛද්‍ය සංගමයේ 84 වන වාර්ෂික සැසිවාරයේ දී අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළ අතර "සායනික සේවයේ වැඩිදියුණුව සහ අභියෝගයන් යන තේමාව යටතේ මෙම සංගමය විසින් පවත්වන වාර්ෂික සැසිවාරය ඉතාම වැදගත් බව ද සඳහන් කළේය.

    දැනට ශ්‍රී ලංකාවේ දන්ත ශල්‍ය වෛද්‍යවරු 2000 කට වැඩි සංඛ්‍යාවක් සේවය කරන අතර මෙරට දන්ත වෛද්‍ය සේවාවේ යටිතල පහසුකම්වල ස්ථාවර වර්ධනයක් ඇති කරමින් තිබෙන බවත් නව තාක්ෂණයෙන් යුත් දන්ත වෛද්‍ය ආයතන ශ්‍රී ලංකාව සතුව තිබෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    ක්ෂේත්‍රය තුළ අධ්‍යාපන හා වෘත්තීය වශයෙන් පුහුණුවීම් කෙරෙහි ඵලදායි සම්බන්ධතාවයක් පවත්වාගෙන යාමට ද ඒ තුළින් හැකි වී තිබෙන බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya