අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෑම පාසලකම බාලදක්ෂ ව්‍යාපාරය ආරම්භ කළ යුතුයි

    ජූලි 01, 2017

    සෑම පාසලකම බාලදක්ෂ හා ශිෂ්‍යබට ව්‍යාපාරය ආරම්භ කළ යුතු බව මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.

    දිස්ත්‍රික්ක 20ක් නියෝජනය කරමින් පෝතක බාලදක්ෂ දරු දැරියන් 2500කගේ සහභාගිත්වයෙන් පෝතක බාලදක්ෂ රන් දහර - 2017 වැඩසටහන් අද (01) මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආදී බාලදක්ෂ ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළම ඛෙත්තාරාම ක්‍රීඩාංගනයේදී පැවැත්විණි. එහිදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. " රන් දහරයි සොඳුරු ලොවයි" යන තේමාව යටතේ මෙම වැඩසටහන සංවිධානය කර තිබෙන අතර අද දවස පුරා මෙම වැඩසටහන පැවැත්වේ.

    සෑම පාසල් දරුවෙක්ම එක් ක්‍රීඩාවක් හෝ කළ යුතු බවට ප්‍රතිපත්තියක් ගෙන තිබෙන අතර සෑම පාසල් දරුවෙක්ම ක්‍රීඩාව මෙන්ම බාලදක්ෂ හෝ ශිෂ්‍යබට ව්‍යාපාරය හා එක්විය යුතු බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

    බාලදක්ෂ සංගමය මඟින් වැදගත් ජාතික මෙහෙවරක් පාසල් මට්ටම දක්වා ස්වේච්ඡාවෙන් සිදු කරන අතර මෙම සේවාව මඟින් ඉතා ඉහළ මට්ටමේ සේවාවක් සිදු වන බවත් මිනිසාගේ පෞද්ගලික ජීවිතේ අභියෝග හා වගකීම් සඳහා බාලදක්ෂ ව්‍යාපාරය තුළින් ලැබෙන අත්දැකීම් වර්තමානයට ඉතා ඵලදායී වන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.  

    ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ කොමසාරිස් මහාචාර්ය නිමල් ද සිල්වා මහතාගේ සේවය අගයමින් සමරු තිළිණයක් පිරිනැමීම නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා අතින් සිදු කෙරිණි.

    එම සංගමයේ නියෝජ්‍ය කොමසාරිස්වරුන්, ගුරුවරුන්, දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya