අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නික්ම යන නාවික හමුදාපති ආරක්ෂක ලේකම් හමුවෙයි Featured

    ජූලි 01, 2014

    සිය සේවා කාලය අවසන් කරමින් ධුරයෙන් විශ්‍රාම යෑමට නියමිත නාවික හමුදාපති අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා ඊයේ (30) ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදි ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවිය.


    පසුගිය 28 වැනි දින සිට බල පැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා ජනාධිපති හා සේනාධිනායක මහින්ද රාජපක්ෂ මහතා විසින් වයිස් අද්මිරාල් ධුරයේ සිට ජයනාත් කොළඹගේ මහතා අද්මිරාල් ධුරයට උසස් කරනු ලැබුවේ ය .


    1978 අගෝස්තු‍ 23 ත්‍රිකුණාමල නාවික හමුදා ඇකඩමියේ පාඨමාලා අංක 7 යටතේ පුහුණුව ලබා එහි දක්ෂතම කැඩෙට් නිලධාරි ලෙස පිදුම් ලබා ඇති නික්ම යන නාවික හමුදාපති වරයා 2012 සැප්තැම්බර් මස 27 දින ශ්‍රී ලංකා නාවික හමුදාවේ 18 වැනි හමුදාපතිවරයා ලෙස සිය ධූරයේ වැඩ බාරගන්නා ලදි.


    අද්මිරාල් කොළඹගේ මහතා සමඟ සුහද පිළිසඳරක නියැළුණු ආරක්ෂක ලේකම්වරයා පසුව සමරු තිළිණ ද හුවමාරු කරගන්නා ලදි.

     

    Outgoing Navy Commander calls on Secretary Defence


    HC/mod

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya