අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිරිත දිග වැසි සුළං ඉහළට - හම්බන්තොට හා වයඹටත් වැසි Featured

    ජූලි 01, 2014

    අද (01) දිවයිනේ නිරිත දිග කොටසේ වැසි  වැඩි වීමට සහ දිවයින සහ අවට මුහුදු ප්‍රදේශවල නිරිතදිග මෝසම් සුළං වේගය විටින් විට පැ.කි.මී. 70-80 පමණ දක්වා වැඩි වීමට ඉහළ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    අද උදෑසන 05.30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සමහර ස්ථානවල මි.මී. 100 පමණ තද වැසි ද ඇති විය හැක.


    වයඹ පළාතට සහ හම්බන්තොට දිස්ත්‍රික්කයට ද වැසි පැතිර යා  හැක.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය

    කොළඹ, ගාල්ල, රත්නපුර, නුවරඑළිය සහ මහනුවරට විටින්විට වැසි ඇති විය හැක.


    අනුරාධපුර, ත්‍රිකුණාමලය, යාපනය හා මන්නාරමට ප්‍රධාන වශයෙන් වැසි නොමැති තත්ත්වයක් පවතී.


    මඩකළපුවට අපරභාගයේ දී හො‍් සන්ධ්‍යා කාලයේ දී වැස්සක් හෝ ගිගුරුම් සහිත වැස්සක් ඇති විය හැක.


    උෂ්ණත්වය හා වර්ෂාපතනය

    උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 36 ත්‍රිකුණාමලයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 12 නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ.


    ඊයේ උදෑසන 8.30න් අවසන් වූ පැය 24 සඳහා දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 37.4 පොතුවිල් ප්‍රදේශයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 14.1 නුවරඑළියෙන් ද මි.මී. 42.2ක උපරිම වර්ෂාපතනය​ රත්නපුර කෑරගල ප්‍රදේශයෙන් ද වාර්තා වී තිබේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya