මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මන්නාරම සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල සුළං වේගය ඉහළට - නාවික ධීවර කටයුතු විමසිල්ලෙන් Featured

    ජූලි 01, 2014

    අද (01) පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    අද උදෑසන 05.30ට මුහුදු ප්‍රදේශ සඳහා නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව සුළං නිරිත දෙසින් හමන අතර සුළං වේගය පැ.කි.මී. 30-40ක් පමණ වේ. සුළං වේගය විටෙක පැ.කි.මී. 50 පමණ දක්වා ඉහළ යා හැක.


    මන්නාරම සිට කොළඹ  සහ ගාල්ල හරහා පොතුවිල් දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටින් විට පැ. කි. මී. 80 පමණ දක්වා ඉහළ යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි නිසා ඒ පිළිබඳව විමසිලිමත් වන ලෙස ධීවර සහ නාවික  ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ. දිවයින වටා වන අනෙක් මුහුදු ප්‍රදේශ ද විටින්විට තරමක් රළු වේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya