අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගුවන් හමුදා විශිෂ්ටතා සම්මාන උත්සවය උත්කර්ෂවත් ලෙස Featured

    ජූනි 30, 2014


    ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතාගේ ප‍්‍රධානත්වයෙන් 2013 වර්ෂයේ මුලසිට අග දක්වා කාලය තුළ ගුවන් හමුදාවේ උන්නතිය වෙනුවෙන් තම වෘත්තියට එහා යමින් නිර්මාණශීලී, නිපැයුම් සොයාගැනීම් ආදී නොයෙකුත් කරුණු ඔස්සේ කටයුතු කළ විශිෂ්ටත ම ගුවන්භටයා හෝ ගුවන් කාන්තාව තෝරා තිළිණ ප‍්‍රදානය කරමින් ගෞරව දැක්වීමේ උළෙලක් පසුගියදා කටුනායක ගුවන් හමුදා (ඊගල්ස් ලැගූන් විව්) උත්සව ශාලාවේදී පැවැත්විණ.


    එක් එක් වෘත්තීන්ට අදාළ හොඳම සේවා පුද්ගලයා තේරීමේදී පිළිගත් ක‍්‍රමවේදයකට අනුව එක් එක් වෘත්තීන්හි අධ්‍යක්‍ෂ මණ්ඩල මගින් සිදුකළ අධීක්‍ෂණයන් යටතේ පසුගිය වර්ෂයේ ගුවන් හමුදාවේ උන්නතිය වෙනුවෙන් කළ දක්‍ෂතා සැලකිල්ලට ගනිමින් මෙම තෝරාගැනීම සිදු කරන ලදී. ගගන ඉංජිනේරු, සාමාන්‍ය ඉංජිනේරු, විද්‍යුත් සහ සන්නිවේදන ඉංජිනේරු, සිවිල් ඉංජිනේරු, සැපයුම්, පරිපාලන, භූමි මෙහෙයුම්, සෞඛ්‍යය සහ දන්ත වෛද්‍ය සේවාවන්හි නියුතු වූවන් මේ සඳහා තෝරා ගන්නා ලදී.

    ඒ ඒ වෘත්තීන් අතරින් වැඩිම ලකුණු ලබාගන්නා සේවා පුද්ගලයා වසරේ විශිෂ්ටත ම සේවා පුද්ගලයා ලෙස සම්මාන ලැබීමට සුදුසුකම් ලබයි. ගුවන් හමුදාවේ වැඩකටයුතු පහසුකර ගැනීමට කරනු ලබන නව සොයාගැනීම් සිදුකරන කණ්ඩායම සඳහා ද සම්මාන පිරිනැමීම මෙහිදී සිදුකරනු ලබයි. මෙම තෝරා ගැනීම් සියල්ල සිදුකරනු ලබන්නේ ගුවන් හමුදා මාණ්ඩලික නිලධාරි ප‍්‍රධාන කමිටුවක් මගිනි.

    මෙම අවස්ථාවේ අදහස් දක්වමින් ගුවන් හමුදාධිපතිවරයා පැවසුවේ, මෙවැනි තරග සංවිධානය කිරීමෙන් ඉදිරියේදී ගුවන් හමුදා සේවා පුද්ගලයින්ගේ හැකියාවන් සහ කැපකිරීම් දිරිගැන්වීමක් සිදුවන අතර, හැකියාවන්ගෙන් පිරිපුන් විශිෂ්ට ගුවන් හමුදාවක් නිර්මාණය වන බවයි.

    මෙම සුවිශේෂී උත්සව අවස්ථාවට ගුවන්හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිෂ් මාර්ෂල් ගගන බුලත්සිංහල, ගුවන් හමුදා අධ්‍යක්‍ෂ මණ්ඩලය, කටුනායක ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරි එයාර් කොමඩෝර් එස්. කේ. පතිරණ, සංවිධායක කමිටු සභාපති එයාර් කොමඩෝර් ඒ. ඩබ්ලිව්. ඊ. විජේසූරිය ඇතුළු පිරිසක් සහභාගි වූහ.

     ගුවන් හමුදාවේ සිටින ජ්‍යේෂ්ඨත ම ගුවන්භටයා සහ ගුවන් කාන්තාව වන ප‍්‍රධාන බලලත් නිලධාරි ජයසුන්දර සහ බලලත් නිලධාරිනි රත්නප‍්‍රිය ද මෙම තිළිණ ප‍්‍රදානෝත්සවයට සහභාගි වූහ.2013 වසරේ විශිෂ්ටත ම සේවා පුද්ගලයා ලෙස බලපන්ති සැරයන් එච්.එම්.සී. හේරත් සම්මාන ලැබීය.

    වසරේ විශිෂ්ටත ම ගුවන් භටයා හා හොඳම ගවේෂණ කණ්ඩායම වෙනුවෙන් පිරිනමන සම්මානද ඇතුළුව සම්මාන දහයක් මෙම අවස්ථාවේදී පිරිනැමීය.


    ECB

    airf1

    air4

    air5

    airf3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya