අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිදහස් අධ්‍යාපනය වැනසීමට ධවල පත්‍රිකා ගෙනා අයට නිදහස් අධ්‍යාපනය ගැන කතා කිරීමේ අයිතියක් නැහැ Featured

    ජූනි 30, 2014


    එදා ධවල පති‍්‍රකාව ඉදිරිපත් කරමින් නිදහස් අධ්‍යාපනය විනාශ කිරීමට උත්සාහ කළ අයට අද නිදහස් අධ්‍යාපනය රැකගැනීම ගැන කතා කිරීමේ සදාචාරාත්මක අයිතියක් නැති බව පුද්ගලික ප‍්‍රවාහන සේවා අමාත්‍ය සී.බී. රත්නායක මහතා පවසයි.


    නුවරඑළිය, රාගල ගනේෂරා දෙමළ මහා විද්‍යාලයේ ඉදිකිරීමට යෝජිත මහින්දෝදය තාක්‍ෂණ විද්‍යාපීඨයට මුල්ගල තැබීමේ අවස්ථාවට පසුගියදා එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.ලෝකය ඉතා වේගයෙන් නවීණ තාක්‍ෂණය ඔස්සේ ඉදිරියට ගමන් කරමින් පවතී. ශී‍්‍ර ලංකාවද ඒ සමඟ ඉදිරියට යා යුතුයි. ඒ සඳහා නිවැරදි වැඩපිළිවෙළක් රටට අවශ්‍යයි. එම වැඩපිළිවෙළ වත්මන් රජය කි‍්‍රයාවට නංවා ඇත. දැයේ අනාගතය භාරගැනීමට සිටින දුවාදරුවන් නවීන තාක්‍ෂණයෙන් පිරිපුන් පිරිසක් බවට පත් කිරීම සඳහා මහින්දෝදය විද්‍යාගාර හා මහින්දෝදය තාක්‍ෂණ විද්‍යාපීඨ පාසල්වලට හඳුන්වාදීමට ජනාධිපතිතුමා කි‍්‍රයාකොට ඇත. මේ නිසා ලෝකය සමඟ සම්බන්ධව කටයුතු කිරීමට ගමේ දරුවාට අද හැකියාව ලැබී ඇත.
     

    කොළඹට පමණක් සීමා වූ තොරතුරු තාක්‍ෂණය ගමට ගෙන ආවේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමායි. එය ඉවසාගත නොහැකි විපක්‍ෂය අද අසත්‍ය ප‍්‍රචාර පතුරවමින් සිටිනවා. එහෙත් යථාර්ථය කුමක්ද යන්න ජනතාව අවබෝධ කොටගෙන ඇති බවද අමාත්‍යවරයා පැවසීය.


    වසර 30ක් පුරා පැවති කුරිරු ත‍්‍රස්තවාදය නිමා කොට ඇත. දැන් දෙවුන්දරතුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා එකම අධ්‍යාපන රටාවක් ඇති කිරීම රජයේ ඉලක්කයයි. රට සංවර්ධනය කිරීමට නම් රටේ සියලු ජනතාව දැනුමින් පෝෂණය විය යුතුයි. ඒ සඳහා ඉලක්කගත වැඩපිළිවෙළක් අධ්‍යාපන අමාත්‍යාංශය කි‍්‍රයාවට නංවා ඇත. එබැවින් ඒ වැඩපිළිවෙළ පිළිබඳව දෙමාපියන්ගේ අවධානය යොමු විය යුතුයි. තොරතුරු තාක්‍ෂණය ගමේ දරුවාට ලබාදීම සඳහා රජය නිර්මාණය කළ දේ විනාශ කිරීමට විපක්‍ෂයට ඉඩ ලබා නොදිය යුතුයි. එබැවින් නිදහස් නිවහල් දේශයක් තුළ සංවර්ධිත රටක් බිහි කිරීම සඳහා සියලු ම දෙනා පෙරමුණ ගත යුතුව ඇතැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
     
    ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මුත්තු සිවලිංගම්, මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ තිලක් ඒකනායක, රාගල ගනේෂරා දෙමළ මහා විද්‍යාලයේ විදුහල්පති එම්. සත්ගනේෂවරම් යන මහත්වරුද මෙහිදී අදහස් දැක්වූහ.

     

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya