නොවැම්බර් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නියඟයන් අධ්‍යයනය කිරීම හා පුරෝකතනය කරන නියෝජිත රටවල වැඩමුළුවක් හෙට

    ජූනි 30, 2014
    චන්ද්‍රිකා තාක්ෂණය භාවිතයෙන් නියඟයන් අධ්‍යයනය කිරීම හා පුරෝකතන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කලාපීය රටවල නියෝජිතයන් සඳහා දෙදින වැඩමුළුවක් ජුලි 01 සහ 02 දිනවල පැවැත්වීමට, කටුබැද්ද, ආතර් සී. ක්ලාක් ආයතනය සංවිධානය කර තිබේ.
    මෙම කලාපීය රටවල නියෝජිතවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන දෙවන වැඩමුළුව වන මෙය තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් ගල්කිස්ස හෝටලයේදී හෙට (01) පෙ.ව. 9.00ට ආරම්භ වේ. එම අවස්ථාවට දෙස් විදෙස් නියෝජිතයන් ඇතුළු විද්වතුන් රැසක් සහභාගීවීමට නියමිතය. 
     
    එක්සත් ජාතීන්ගේ ආසියා ශාන්තිකර කලාපීය ආර්ථීක හා සමාජ කොමිසම (UNESCAP) මගින් කලාපීය රටවල ධරණීය සංවර්ධනය සඳහා අභ්‍යවකාශ තාක්ෂණ භාවිතයන් යොදාගැනීමේ පස් අවුරුදු සැලැස්මක් (2012-2017) ක්‍රියාත්මක අතර, එහි ශ්‍රී ලංකාවේ කේන්ද්‍රීය ආයතනය ලෙස තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනයක් වන නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී. ක්ලාක් ආයතනය කටයුතු කරයි.
     
    MAP 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya