අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශිෂ්ටතම තරුණ නායකයා තෝරයි

    ජූනි 30, 2014
    ජාතික තරුණ සේවා සභාව, යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍යංශය එක්ව සංවිධානය කරනු ලැබූ ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම තරුණ නායකයා තේරීමේ තරගයේ අවසන් මහා තරගය පසුගියදා මහරගම ශ‍්‍රී ලංකා යූත් ප‍්‍රධාන රංග ශාලාවේදී පැවත්විණි. 
     
    මානසික හා ශාරීරික මට්ටමින් තාරුණ්‍යය සංවර්ධනය කොට උසස් නායකත්ව ගුණාංගවලින් ඔවුන් සවිබල ගැන්වීම මෙම වැඩසටහන ක‍්‍රියාත්මක කිරීමේ ප‍්‍රමුඛ අරමුණ විය.
     
    අදියර 5ක් යටතේ ක‍්‍රියාත්මක වූ මෙම තරගාවලියේ අවසන් වටය සඳහා තරුණ නායක නායිකාවන් 06 දෙනෙකු සුදුසුකම් ලබා තිබු අතර ඒ අතුරින් විශිෂ්ටතම තරුණ නායකයා තෝරා ගැනීම සිදු කෙරිණි. එහිදී විශිෂ්ටතම තරුණ නායකයා සඳහා රුපියල් මිලියනක් ද, දෙවන ස්ථානය ස්ථානය සඳහා රුපියල් 50,0000.00ක් ද, තෙවන ස්ථානය සඳහා රුපියල් 250,000.00 ක් ද වටිනා මුදල් ත්‍යාග සහ සෙසු තරගකරුවන් සඳහා රුපියල් 50,000.00 බැගින් ද මුදල් ත්‍යාග පිරිනැමීය.
     
    විශිෂ්ටතම තරුණ නායකයන් ලෙස පළමු ස්ථානය හර්ෂ පෙරේරා මහතාට හිමි වූ අතර, දෙවන ස්ථානය මදුෂා ජයවර්ධන මෙනෙවියටත්, තුන්වන ස්ථානය ෂෙහාන් කන්නන්ගර මහතාටත් හිමිවිය. ජයග‍්‍රාහක, ජයග‍්‍රාහිකාවන්ට ත්‍යාග හා කුසලාන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සහ අග විනිසුරු මොහාන් පිරීස් මහතා අතින් පිරිනැමීය. 
     
    මෙම අවසන් තරගයේ සුවිශේෂ ආරාධිත අමුත්තා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍ර විනිශ්චයකාර මොහාන් පිරීස් මහතා සහභාගී වූ අතර, එම අවස්ථාවට යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍ය, ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු ශ‍්‍රී ලංකා  පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන්, අමාත්‍යංශ ලේකම් බී. විජයරත්න, ජාතික තරුණ සේවා සභාවේ සභාපති හා ශ‍්‍රී ලංකාවේ තරුණ සේවා අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ ලලිත් පියුම් පෙරේරා මහත්වරු ද සහභාගී වූහ.
     
    DB
     
    MP DULLAS 1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya