අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාත්‍යන්තර ලියෝ සමුළුවේ ආසියාවට පිරිනමා ඇති එකම අවස්ථාව ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදියෙකුට

    ජූනි 30, 2014
    ලබන ජුලි මස 04 වනදා කැනඩාවේ, ටොරොන්ටෝ නුවර පැවැත්වෙන 2014 ජාත්‍යන්තර ලියෝ සමුළුවේ විශේෂ කථිකයෙකු සඳහා ආසියාවට පිරිනමා ඇති එකම අවස්ථාව මාධ්‍යවේදී ධනුෂ්ක රාමනායක මහතාට හිමි ව තිබේ. 
    ප්‍රධාන පැනල සාමාජිකයෙකු සහ විශේෂ කථිකයෙකු ලෙස ජාත්‍යන්තර ලියෝ උපදේශක කාරක සභාවේ ජ්‍යෙෂ්ඨ සාමාජික ධනුෂ්ක රාමනායක මහතා ඒ සඳහා තෝරා ගෙන ඇත‍. ඔහු පසුගිය වසරේ ජර්මනියේ හැම්බර්ග් නුවර පැවති 2013 ජාත්‍යන්තර ලියෝ සමුළුවේ ප්‍රථම ආසියාතිකයා ලෙස ප්‍රධාන පැනලයට සුදුසුකම් ලැබීය. 
     
    2014 ජාත්‍යන්තර ලියෝ සමුළුව සඳහා රටවල් 48 ක වයස අවුරුදු 16 - 30 අතර වූ තරුණ සාමාජිකයන් 500කට වැඩි පිරිසක් සහභාගී වනු ඇත. ලොව පුරා තරුණ තරුණියන් මුහුණ දෙන ගැටලු, ලියෝ සංවිධානය විසින් ක්‍රියාත්මක සමාජ මෙහෙවර, සිය සංවිධානයේ ඉදිරි ක්‍රියාකාරකම් සහ සංවිධාන ව්‍යුහයේ ඉදිරි වෙනස්කම් පිළිබඳව මෙහිදී විශේෂයෙන් සාකච්ඡාවට ගැනීමට නියමිතය. 
     
    ලොව පුරා සාමාජිකයන් 27 දෙනෙක් පමණක් නියෝජනය කරන උපදේශක කාරක සභාව නියෝජනය කරමින් ධනුෂ්ක රාමනායක සිය දේශනය පවත්වනු ලබයි. ලොව විශාලතම ජාත්‍යන්තර තරුණ සංවිධානය ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයද නම් කර ඇති ලියෝ සංවිධානයේ මූලස්ථානය පිහිටා ඇත්තේ ඇමෙරිකාවේ චිකාගෝ නුවරය. 
     
    කොළඹ ඉසිපතන විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන ධනුෂ්ක රාමනායක මහරගම සිරි වජිරඤාණ දහම් පාසලේ ආචාර්ය මණ්ඩලයේද සේවය කරයි. රයිගම් ආයතනයේ ප්‍රවර්ධන නිලධාරියෙකු ලෙස වෘත්තීය දිවිය ඇරඹූ හෙතෙම වර්තමානයේ තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ මාධ්‍ය ලේකම් ලෙස කටයුතු කරයි. 
     
    MAP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya