අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගමේ දරුවාගේ අධ්‍යාපනය නැති කරන ජාවාරම්කාර පිරිසගේ මතයට ඉඩක් නැහැ

    ජූනි 30, 2014

    ජාත්‍යන්තර පාසල්වල පළමු ශ්‍රේණියේ සිට ඉංග්‍රීසියෙන් ඉගෙන ගන්නා දරුවන් කිහිපදෙනාට රජයේ පාසල් පද්ධතියට ඇතුළත් වීමට ඉඩ දෙන එක හොඳම ක්‍රියාවක් බව විශාල වශයෙන් ජාවාරම් සිදුකරන පිරිස කියනවා යැයි අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (29) හොරණ ශ්‍රී පාලි රංගශාලාවේ පැවැති හොරණ අධ්‍යාපන කලාපයේ ප්‍රණාම සරණී නර්තන ප්‍රසංගය හා සම්මාන උළෙලේදීය.

    ගමේ ඉන්න, හඬක් නඟන්න බැරි දරුවන්ගේ දක්ෂතා, කුසලතා නැංවීම සඳහා විවිධ අවලාද උපහාස මැද තමා කටයුතු කර තිබෙන බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා නිදහස් අධ්‍යාපනය උරුම කර දුන් කන්නන්ගර මැතිතුමා ද නොයෙක් අපහාස, උපහාසයට ලක් වූ බව ද පෙන්වා දුන්නේය.

    නව අධ්‍යාපන හැරවුමත් සමඟ ජනප්‍රිය පාසල් යැයි සම්මත පාසල් 56ක් වෙනුවට අද වන විට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය යටතේ පාසල් දහසක් ප්‍රතිනිර්මාණය වේ. කොළඹ නගරයේ පාසල්වලට නොදෙවැනි ආකාරයෙන් පාසල් 1000ක් මේ වන විට ප්‍රතිනිර්මාණය වන බව ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

    ලබන වසරේ ජනවාරි මාසයේ සිට මහින්දෝදය ද්විතීයක පාසල් දහස ඉංග්‍රීසි කථන පාසල් බවට පත් වේ. එම පාසල්වල දරුවන් ඉංග්‍රීසි භාෂාවෙන් කථා කිරීමට පටන් ගන්නා බවත් තව වසර 10කින් නැතිව ම බැරි වෙන තොරතුරු තාක්ෂණය සඳහා එම පාසල් දහස තොරතුරු තාක්ෂණ පාසල් බවට පත් වන අතර ක්‍රීඩා පාසල් දහස බවට ද පත් වන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

    ඉංග්‍රීසි නර්තනයක් ඉදිරිපත් කළ විට ලබා දෙන ප්‍රචාරය හෙළයේ දරුවන්ගේ මහා සංස්කෘතික මංගල්‍යයක් ලෙස පැවැත්වෙන ඇසළ මහා සිසු පෙරහැර වෙනුවෙන් ලබා දෙන්නේ නෑ. සිංහල, මුස්ලිම්, දෙමළ සියලු ජාතින් නියෝජනය කරන දරුවන් මෙම පෙරහැරට සම්බන්ධ වෙනවා. ගිය වසරේ පෙරහැර ගැන ප්‍රචාරයක් ගියේ පෙරහැර පටන් ගන්න පෙර වැස්සක් ආව නිසා. අවිහිංසක නිරායුද දරුවන්ගේ පෙරහැර දවසේ වැස්සේ නැත්නම් එවැනි ප්‍රචාරයක්වත් ලැබෙන්නේ නැහැ. සමස්ත පාසල් පද්ධතියේ ම සුවිශේෂ දක්ෂතා තිබෙන දරුවන් සිටිනවා. සෞන්දර්ය ගුරුවරුන් වැඩිම පිරිසක් ගුරු සේවයට බඳවා ගත්තේ මේ ආණ්ඩුව යටතේ. දරුවන්ගේ දක්ෂතා වෙනුවෙන් කැපවෙලා කටයුතු කරන, දරුවන්ගේ දක්ෂතා  දැකලා ඇස්වලට කඳුළු උනන ගුරුවරුන් ඉන්නවා. නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රංග ශාලාව ගමේ අහිංසක දරුවන්ගේ දක්ෂතා කුසලතා එළි දැක්වීමට ද ජනාධිපතිතුමා ඉඩ ලබාදී තිබෙන බව ද අමාත්‍යවරයා පැවසීය.

    පීඨාධිපති, විද්‍යාරත්න විශ්වවිද්‍යා පීඨ කළමනාකාර අධ්‍යක්ෂ ඕපල්ලේ ඤාණසිරි හිමි, හොරණ කලාප අධ්‍යක්ෂ, කේ.ඒ. චන්ද්‍රාවතී මහත්මිය, හොරණ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (නර්තන) මල්ලිකා කුලසූරිය මහත්මිය, ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් සිටියහ.

    කොරියාව ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණයෙන් එක හමාරක් වෙනවා. ලංකාවේ ජනගහනය මිලියන 21ක් වෙන කොට කොරියාවේ මිලියන 50ක්. ලංකාවේ විශ්වවිද්‍යාල 12ක් කොරියාවේ 212ක්. කොරියාවේ විශ්වවිද්‍යාවලින් 63%ක් පෞද්ගලික ඒවා. කොරියාවේ විශ්වවිද්‍යාල විද්‍යායතන 185ක් තිබෙන කොට ශ්‍රී ලංකාවේ එකක්වත් නැහැ. මේ වන විට ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල විද්‍යායතන 25ක් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.  අපට නිදහස් අධ්‍යාපනය ලැබෙන කොට කොරියාවේ මුඩුක්කු පැල්පත් ජනාවාස තිබුණේ. කොරියාවේ දියුණු වීමේ රහස තමයි අධ්‍යාපනය. ඒ ඒ ක්ෂේත්‍ර සඳහා විශ්වවිද්‍යාල තිබෙන අතර දරුවන්ගේ ජීවිත ගොඩනගන අධ්‍යාපන ක්‍රමයක් කොරියාවේ තිබෙන්නේ.

     ශ්‍රී ලංකාවේ දරුවන්ට ඉගෙන ගතයුතු පාඨමාලා ආරම්භ කර තිබෙන අතර ගණිතය, විද්‍යාව, තාක්ෂණය සඳහා දක්ෂ දරුවන් වෙනුවෙන් අධ්‍යාපන වෙනස සිදු කරන්න පුළුවන් වන්නේ ජනාධිපති මහින්ද  රාජපක්ෂ මැතිතුමාට විතරයි. 

    ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් ප්‍රතිනිර්මාණය වන ද්විතීයක පාසල් දහසේ ප්‍රතිලාභ දිවයිනේ සෑම ප්‍රදේශයකටම ලැබෙමින් පවතින අතර පසුගියදා ආදිවාසී ජනතාවගේ දරුවන් වෙනුවෙන් බිබිල, රතුගල ගල්ගමුව පාසලේ ද මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරයක් විවෘත කළා. ආදිවාසි ජනතාවගේ සංසාර ගමනේ කිසිදු දිනක නොදැක්ක පරිගණක 40කින් යුත් පරිගණකාගාරය පරිගණක 20කින් යුතු භාෂාගාරය, ගණිතාගාරය, දුරස්ථ අධ්‍යාපනය සඳහා නැණස ඒකකය මේ වන විට ලබා දී තිබෙනවා.

    NDH/kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya