අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජයනාත් කොළඹගේ අද්මිරාල් ධූර‍යට උසස් කරයි

    ජූනි 30, 2014
    ශ්‍රී ලංකා ජනාධිපති හා සේනාධිනායක මහින්ද රාජපක්ෂ මහතා විසින් පසුගිය 28 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා අද්මිරාල් ධුරයට උසස් කරනු ලැබූ බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි.
     
    2012 වර්ෂයේ සැප්තැම්බර් 27 දින දින ශ්‍රී ලංකාවේ 18 වැනි නාවික හමුදාපතිවරයා ලෙස පත්වූ වයිස් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා රණශූර පදක්කම, විශිෂ්ට සේවා විභූෂණ පදක්කම හා උත්තම සේවා පදක්කම ඇතුළුව ඒ මහතා විසින් කරන ලද විශිෂ්ට සේවය සඳහා තවත් විවිධ පදක්කම් රාශියක්ම හිමිකරගෙන ඇති අතර මීට පෙර සිටි නාවික හමුදාපතිවරුන්ගෙන්ද ඔහු විසින් කරන ලද සේවය ඇගයීම පිණිස පිරිනමන ලද සේවා ඇගයුම් සහතික රාශියක්ම ලබාගෙන ඇත. 
     
    එසේම ක්‍රියාන්විත ප්‍රදේශවල රාජකාරියේ නියුතුව සිට ශ්‍රී ලංකාවේ නාවික හමුදාවේ ඉහළම ධූරයට පත් වූ දෙවැනි පුද්ගලයා ලෙසද ජයනාත් කොළඹගේ මහතා හැඳින්විය හැකි වේ.
     
    DB/ mod

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya