අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වෙබ් අඩවි මඟින් ජාතිවාදී ආගම්වාදී ගැටුම් වර්ධනය කරන අයට නීතිය තදින්ම

    ජූනි 30, 2014

    සමාජ වෙබ් අඩවි භාවිත කරමින් ජාතිවාදී හා ආගම්වාදී ගැටුම් වර්ධනය වන ආකාරයෙන් ප‍්‍රචාර ගෙන යන පුද්ගලයන්ට එරෙහිව දැඩි පියවර ගන්නා ලෙස රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රජපක්ෂ මහතා මෙරට ආරක්ෂක අංශ වෙත දැනුම් දෙයි.


    පොදුවේ ජාතීන් අතර අසමඟිය ඇතිවන අයුරින් කි‍්‍රයා කරන කුමන පුද්ගලයෙකු හෝ කණ්ඩායමකට එරෙහිව පියවර ගන්නා ලෙස ද ඒ මහතා ආරක්ෂක අංශ වෙත දැනුම් දී තිබේ. ඒ අනුව වහාම කි‍්‍රයාත්මක වන පරිදි එම කි‍්‍රයාවන්වල නියැළෙන පුද්ගලයන්ට එරෙහිව නිසි ලෙස නීතිය කි‍්‍රයාත්මක කරන ලෙසට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආරක්ෂක නිලධාරීන් වෙත උපදෙස් දෙනු ලැබ තිබේ.


    පසුගිය කාලය තුළ ඇති වු ආගම්වාදී ගැටුම් මැඬපැවැත්වීමෙන් අනතුරුව ඇතැම් සමාජ වෙබ් අඩවි හරහා එවැනි ගැටුම් යළි ඇති කරවීම සඳහා ඇතැම් පුද්ගලයින් උත්සාහ දරමින් සිටින අතර ඒ හේතුවෙන් මෙවැනි පියවරක් ගැනීමට ආරක්ෂක ලේකම්වරයා තීරණය කර ඇත.


    මෙවැනි කි‍්‍රයා වළක්වා ගැනීම සඳහා රජය ඇතුළු ආගමික නායකයින් සහ සිවිල් සංවිධාන නියෝජිතයින් කටයුතු කරමින් සිටියදී සමාජ වෙබ් අඩවි හරහා එවැනි ගැටුම් යළි ඇති කිරීමට උත්සහ දැරීම කනගාටුවට කරුණක් බවද රජය පෙන්වා දෙයි. මේ හේතුවෙන් සමාජයේ මතවාදී මෙන්ම විසංවාද ද ඇති වු අතර එම කි‍්‍රයාවන් පාලනය කිරීමට හැකියාවක් ලැබී නොමැති බව සමාජයේ කතා බහට ලක්ව තිබේ.


    HC/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya