අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තද සුළං සහ තද වැසි පිළිබඳ කාලගුණික අනතුරු ඇඟවීම

    ජූනි 30, 2014

    දිවයිනේ නිරිත දිග කොටසේ වැසි වැඩි වීමට සහ දිවයින සහ අවට මුහුදු ප්‍රදේශවල නිරිතදිග මෝසම් සුළං වේගය විටින්විට පැ.කි.මී. 70-80 පමණ දක්වා වැඩි වීමට ඉහළ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ  පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය අනතුරු අඟවයි.


    අද පස්වරු 7.00 සිට හෙට පස්වරු 7.00 දක්වා වන කාලපරිච්ඡේදයට අදාළ වන සේ නිකුත් කරන ලද මෙම කාලගුණික අනතුරු ඇඟවීම් නිවේදයෙන්  දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව ද සමහර ස්ථානවල මි.මී. 100ක පමණ තද වැසි ද ඇති විය හැකි බව පැවසේ.


    මුහුදේ තත්ත්වය :-

    මන්නාරම සිට කොළඹ  සහ ගාල්ල හරහා පොතුවිල් දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටින් විට පැ.කි.මී. 80 පමණ දක්වා ඉහළ යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින්විට රළු විය හැකි නිසා ඒ පිළිබඳව විමසිලිමත් වන ලෙස  ධීවර සහ නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

     

    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya