අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව නාවික හමුදාපති අද වැඩ භාරගනී Featured

    ජූලි 01, 2014

    නව නාවික හමුදාපති රියර් අද්මිරාල් ජයන්ත පෙරේරා මහතා අද (01) පෙරවරුවේ සිය ධුරයේ වැඩ භාරගැනීමට නියමිත බව නාවික හමුදා මාධ්‍ය අංශය පවසයි.


    කොළඹ, නාවික හමුදා මූලස්ථානයේදී ශ්‍රී ලංකාවේ 19 වැනි නාවික හමුදාපතිවරයා ලෙස මෙම වැඩ භාරගැනීම සිදුවන අතර මෙතෙක් ධුරය දරන ලද අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා ද අද නාවික හමුදාපති ධුරයෙන් විශ‍්‍රාම ගැනීමට නියමිතව තිබේ. මේ පිළිබඳ විශේෂ උත්සවයක් අද නාවික හමුදා මූලස්ථානයේදී පැවැත්වේ.

     

    නාවික හමුදාවේ නාවික මෙහෙයුම් විශේෂ බලකායේ අධ්‍යක්ෂ, නාවික අවි අංශ‍යේ අධ්‍යක්ෂ, නාවික බුද්ධි අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, නාවික පුහුණ ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, මාධ්‍ය ප්‍රකාශක ඇතුළු තනතුරු රැසක්ම රියර් අද්මිරාල් ජයන්ත පෙරේරා මහතා විසින් දරනු ලැබූ බව නාවික හමුදාව පවසයි.

     

    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya