අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආසියානු ශාන්තිකර කලාපයේ චිත්‍ර තරගයේ ප්‍රථමයාට නයිරෝබි යාමට ගුවන් ටිකට්පතක්

    ජූනි 21, 2014
    එක්සත් ජාතීන්ගේ පාරිසරික ව්‍යාපෘතිය (UNEP) ජපානයේ ගෝලීය සාමය හා පරිසරය සඳහා වන ෆෙඩරේෂණය (FGPF) බෙයර් සමාගම හා නිකෝන් සමාගමෙහි අනුග්‍රාහකත්වයෙන් වර්ෂයක් පාසා පවත්වනු ලබන ජාත්‍යන්තර පාරිසරික ළමා චිත්‍ර තරගයේ ආසියානු ශාන්තිකර කලාපයේ චිත්‍ර තරගයේ ප්‍රථම ස්ථානය කොළඹ විශාඛා විද්‍යාලයේ 4 ශ්‍රේණියේ ඉගෙනුම ලබන කේ. කියාරා චෙනුලි පෙරේරා ශිෂ්‍යාව හිමි කර ගත්තාය. 
      
    එම චිත්‍ර තරගයේ ත්‍යාග ප්‍රදනෝත්වය ජූනි 23 සිට 27 දින දක්වා කෙන්යාවේ නයිරෝබි නුවර එක්සත් ජාතීන්ගේ පාරිසරික මූලස්ථානයේදී පැවැත්වේ. ඒ සඳහා සහභාගිවීමට ජයග්‍රහණය කළ ශිෂ්‍යාව වෙත ගුවන් ටිකට්පත පිරිනැමීම අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අතින් පසුගියදා අධ්‍යාපන අමාත්‍යාංශයේදී සිදු කෙරිණි.
     
    ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම තරගය සඳහා චිත්‍ර 2500ක් පමණ ඉදිරිපත් කර ඇත. ආසියානු ශාන්තිකර කලාපයේ චිත්‍ර තරගය සඳහා චිත්‍ර 63,700ක් ඉදිරිපත් කර තිබිණි. මෙ සංචාරය සඳහා ගුවන් ටිකට්පත් ඇතුළු සියලු වියදම් සංවිධායකයන් විසින් දරනු ලබන අතර මෙම ත්‍යාග ප්‍රදානොත්සවයේදී ඇයට ඇමෙරිකන් ඩොලර් 1000ක ත්‍යාග මුදලක් ද ලැබීමට නියමිතය.
     
    අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මහතා, අධ්‍යාපන අමාත්‍යාංශයේ යුනෙස්කෝ ශාඛාවේ ලේකම් ජනරාල් ධම්මිකා විජයසිංහ මෙනවිය හා කොළඹ විශාඛා විද්‍යාලයේ විදුහල්පතිනී සඳමාලී අවිරුප්පොල මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    NDH/kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya