අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිරිත දිග සුළං ප්‍රවාහයේ පවතින අභිසාරී බව නිසා වැසි වැඩිවෙයි Featured

    ජූනි 19, 2014

    අද (19) නිරිත දිග සුළං ප්‍රවාහයේ පවතින අභිසාරී බව නිසා මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    අද උදෑසන 05.30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව දිවයින හරහා, වි‍ශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල විටින් විට නිරිත දිග මෝසම් සුළං වේගය වැඩි විය හැක.


    ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකියට අනුව කොළඹ, ගාල්ල, රත්නපුර, නුවරඑළිය සහ මහනුවරට වැසි වාර කිහිපයක් ඇති විය හැක.


    මඩකළපුවට, අනුරාධපුර, ත්‍රිකුණාමලය, යාපනය හා මන්නාරමට ප්‍රධාන වශයෙන් වැසි නොමැති තත්ත්වයක් පවතී.


    උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 36 යාපනය, මඩකළපුව හා ත්‍රීකුණාමලයෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 13 නුවරඑළියෙන් ද අපේක්ෂා කෙරේ. ඊයේ උදෑසන 8.30න් අවසන් වූ පැය 24 සදහා දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 36.5 මඩකළපුවෙන් ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 13.4 නුවරඑළියෙන් ද වාර්තා වී තිබේ.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya