අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අන්තර්ජාතික බලවේගයන්ට අවශ්‍ය බෞද්ධ ප්‍රතිරූපය වෙනස් කරන්න

    ජූනි 18, 2014
    අන්තර්ජාතික බලවේගවලට අවශ්‍යව ඇත්තේ සිංහල බෞද්ධයාගේ ප්‍රතිරූපය වෙනස් කොට ලෝකයා හමුවේ ප්‍රදර්ශනය කිරීමට බවත් ඒ සඳහා අවශ්‍ය කරන පින්තූරය හදන්න බවත් ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා ප්‍රකාශ කරයි.
     
    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවැති උත්සව අවස්ථාවකට සහභාගි වෙමිනි. 
     
    "බුද්ධ චීවරධාරීන් සංවරයක්, ශික්ෂණයක් නැති අන්‍ය මත ඉවසන්නේ නැති, පොඩි ප්‍රශ්නයක් පවා විසඳීමට දන්නේ නැති හැම දේකටම කැති පොළු මුගුරු අරගෙන යන පිරිසක් කියලා පෙන්වන්නයි මේ උත්සාහ කරන්නේ" යැයි ද කීය.
     
    "කළු ජූලිය මුලින් ජාත්‍යාලයෙන් කළා. පස්සේ භාණ්ඩ ආලයෙන් කළා. පටන් ගන්නේ ජාත්‍යාලයෙන්, ඉවර වෙන්නේ භාණ්ඩ ආලයෙන්. කඩ දැක්ක ගමන් ජාතිය මතක් වෙනවා. ආගම මතක් වෙනවා. පැනලා කඩ කඩනවා. බඩුවලට ජාතියක් ආගමක් නැහැනේ. ඉතිං අරන් යනවා. දැන් එදා කළු ජූලියෙන් කරපු අපරාධය විදේශ සල්ලිවලින් යැපෙන කල්ලි මේ රටේ ආයිත් කරන්න යනවා. හැම ජනකොටසක් අතරෙම එහෙම කල්ලි ඉන්නවා".
     
    ජන කොටස් කිහිපයක් එකට සිටිනා විට විවිධ වාදභේද නිර්මාණය විය හැකි බවත් ඒ මොනවා තිබුණත් මනුස්සකමේ සීමාව රැකගෙන ඒවා විසඳාගත යුතු යැයි ප්‍රකාශ කළ අමාත්‍යවරයා අප බොහොම සීලාචාර බෞද්ධ සංස්කෘතියකින් පණපෙවුණු රටක් බවත් පෙන්වා දුන්නේය.
     
    "අපි සියලු දෙනා විශාල  කැපකිරීමක් කරලා මේ රටට යුද්ධය දිනාගත්තේ නිකම් නොවෙයි. මාවිල්ආරු සෙරොව්ව වැසූ දිනයේ සිට කිළිනොච්චිය අල්ලන අවස්ථාව දක්වා 190,000ක් දක්වා තරුණයන් හමුදාවට බැඳුණේ මේ රට පිළිබඳ විශාල බලාපොරොත්තුවක් ආදරයක් හිතේ තියාගෙන. සිංහල මුස්ලිම් මිනිස්සු, සිංහල දෙමළ මිනිස්සු මරාගන්න රටක් ඒ ජනතාව යළි බලාපොරොත්තු වන්නේ නැහැ. ප්‍රශ්න වාද තියෙන්න පුළුවන්. ඒත් ඒවා ශිෂ්ඨ සම්පන්න රාමුවක් ඇතුළේ විසඳාගැනීමට අපිට හැකිවිය යුතුයි".
     
    නෝර්වේවලින් සල්ලි අරගෙන සිංහල ජනතාව ඒ වගේම භික්ෂූන් වහන්සේගේ අති ගෞරවනීය බුද්ධ චීවරයේ ගෞරවය කෙළසන්න හදන බෞද්ධ තලේබාන්ලාට එරෙහිවත් නිහඬ බෞද්ධ බහුතරය නැඟිටිය යුතු යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya