මෙම සහන කාලය තුළ විශාල පිරිසක් වාහන ලියාපදිංචි කිරීම සඳහා ඉදිරිපත්වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති අතර හෙට (30) දිනයේ කැබිනට් මණ්ඩලය වෙත පත්‍රිකාවක් ඉදිරිපත් කිරීම හරහා මෙම කාලය දීර්ඝ කිරීම සිදු වේ.
දඩ මුදලකින් තොරව අදාළ ලිපි ගොනු සම්පූර්ණ කිරීම සඳහා ලබා දී තිබූ මෙම සහන කාලය පසුගිය සැප්තැම්බර් 01දා සිට ක්‍රියාත්මක වූ අතර එම කාලය හෙට (30)න් අවසන් වීමට නියමිතය.