නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඖෂධ මිල පාලනය ක‍්‍රියාත්මක නොකිරීම පිළිබඳ පැමිණිලි 180ක් Featured

    නොවැම්බර් 18, 2016
    සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා විසින් ගැසට් මගින් ප‍්‍රකාශයට පත් කරන ලද අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48ක මිල පාලනය ක‍්‍රියාත්මක නොකරන ඖෂධ අලෙවිසැල් පිළිබඳ පැමිණිලි 180ක් මේ වනවිට ලැබී ඇතැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය සඳහන් කරයි. 
     
    එම සියලු ම පැමිණිලි 0113 071 073 සහ 0113 092 269 යන දුරකථන අංකවලට සහ 0112 686 113 යන ෆැක්ස් අංකයට යොමු කිරීමට පාරිභෝගිකයින්ට අවස්ථාව උදාකර දෙමින් පසුගිය සිකුරාදා සිට සෞඛ්‍ය අමාත්‍යාංශය විශේෂ ඒකකයක් ස්ථාපිත කරන ලදී. 
     
    උදෑසන 8.00 සිට රාත‍්‍රි 08 දක්වා ක‍්‍රියාත්මක මෙම ඒකකයට මේ වනවිට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 180කි. ඖෂධ ලබානොදීම, මිල අඩුකර නොතිබීම, ඖෂධ සඟවාගෙන තිබීම වැනි චෝදනා යටතේ ජනතාව පැමිණිලි ඉදිරිපත් කර ඇත. ලැබුණු පැමිණිලි මත ආහාර සහ ඖෂධ පරික්ෂකවරුන් මගින් වැටලීම් සිදුකර අවශ්‍ය නීතිමය ක‍්‍රියාමාර්ග ගෙන තිබේ.
     
    එමෙන්ම මේ වනවිට ජනතාවගෙන් ලැබෙන පැමිණිලි අවම වී ඇති අතර,අවසන් වරට පැමිණිලි 04ක් පමණක් ලැබී ඇති බව ද වාර්තා වේ. 
     
    සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත මෙම වැඩපිළිවෙලට අනුව නියම කළ මිලට ඖෂධ ලබානොදෙන ඖෂධ අලෙවිසැල් පිළිබදව සෑම දිනකම සෞඛ්‍ය අමාත්‍යවරයාට වාර්තාවක් ඉදිරිපත් කළ යුතු ෙවි. එමෙන්ම ඖෂධ සමාගම් විසින් ශ‍්‍රී ලංකාවට ආනයනය කර ඇති ඖෂධ තොග සඟවාගෙන ඇත්නම් ඒ පිළිබදව ද සොයා බැලීෙමි විමර්ශණ ද ක‍්‍රියාත්මක අතර, ඒ අනුව සියළුම ගබඩා පරීක්ෂා කිරීම් සිදු කෙරේ.
     
    දෙවන අදියර යටතේ මිල අධික ඖෂධ වර්ගවල මිල ගණන් අඩු කිරීමට නියමිතය. රෝගීන්ට ගැටළුවක් නොවන අයුරින් රෝගී සත්කාරක සේවා පවත්වාගෙන යාම සදහා රජයේ රෝහල්වල සහ ඖෂධ සැපයුම් අංශයේ මාස 03 කට ප‍්‍රමාණවත් ඖෂධ ගබඩා කර ඇත. 
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya