නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ පාසල් 48ක ඩෙංගු මදුරු කීටයින් Featured

    නොවැම්බර් 17, 2016
    සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය පසුගිය 10 සහ 11 දින දෙක තුළ සිදු කළ ඩෙංගු මදුරු මර්දන වැඩසටහනේ දී මදුරු කීටයන් බෝවීමේ ප‍්‍රවණතාවයක් දක්නට ලැබුණු බවත්, විශේෂයෙන්ම පාසල්, රාජ්‍ය ආයතන සහ ඉදිකිරීම් කළාපවල මදුරු කීටයන් වැඩි වශයෙන් දක්නට ලැබුණු බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ජාතික සම්බන්ධිකාරක වෛද්‍ය හසිත තිසේරා මහතා සඳහන් කරන ලදි.
     
    ඒ අනුව පසුගිය 10 සහ 11 ක‍්‍රියාත්මක කරන ලද දෙ දින මදුරු මර්දන වැඩසටහන තුළ පාසල් 120ක් පරීක්ෂාවට ලක් කර, මදුරු කීටයින් සහිත පරිශ‍්‍ර 48ක්, සොයා ගනු ලැබ ඇත. එමෙන්ම රාජ්‍ය ආයතන 134ක් පරික්ෂාවට ලක්කර ඉන් 48කම ඩෙංගු මදුරු කීටයින් හමුව ඇති අතර, ඉදිකිරීම් කලාප 156ක් පරීක්ෂාවට ලක් කර ඉන් 53කම ඩෙංගු මදුරු කීටයින් සොයා ගනු ලැබ ඇති අතර, 63 කට නොතීසි සහ 32කට නඩු පැවැරීමට කටයුතු කර ඇත.
     
    තව ද කර්මාන්ත ශාලා ආශ‍්‍රීත පරිශ‍්‍ර 133ක් පරීක්ෂාවට ලක් කර පරිශ‍්‍ර 38ක මදුරු කීටයින් සොයාගෙන ඇති අතර, එහිදී 39 කට නඩු පැවැරීමට කටයුතු කර ඇත.
     
    පවතින වැසි සහිත කාලගුණය සහ කීට විද්‍යා සමීක්ෂණ වාර්තා අනුව ඉදිරි මාස කිහිපය තුළ ඩෙංගු රෝගය පැතිරීමේඅවධානමක් පවතින බැවින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත මෙම දෙදින මදුරු මර්දන වැඩසටහනක් කොළඹ දිස්ත‍්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් ක‍්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබුණි. 
     
    එහි සමස්ත වාර්තාවට  අනුව බස්නාහිර පළාතේ පරිශ‍්‍ර 12,056 ක් පරික්ෂාවට ලක්කර මදුරු කීටයින් සහිත පරිශ‍්‍ර 506ක් සොයාගන්නා ලදි. එහිදී පරිශ‍්‍ර 1,565ක් නිවැරදි කිරීමටත්, 867 කට නොතීසි නිකුත් කිරිමටත්, 316 කට නඩු පැවැරිමට ද කටයුතු යොදා තිබුණි. 
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya