ශී‍්‍ර ලංකා වෛද්‍ය පෝෂණවේදීන්ගේ සංගමය විසින් සංවිධානය කරන ලද සායනික පෝෂණ සම්මන්ත‍්‍රණය – 2016 ඊයේ (11) පස්වරුවේ කොළඹ ගාලු මුවදොර හෝටලයේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර එහිදී ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කළේය.
සෑම සෞඛ්‍ය වර්ධන නිළධාරී කොට්ඨාශයකටම පෝෂණ විශේෂඥ වෛද්‍යවරුන් එක් අයෙකු බැගින් හෝ පත් කිරීමට ඉදිරියේදී හැකිවනු ඇති බව මෙහිදී ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා මාතෘ භූමිය හැර නොගොස් සිය වටිනාකම පළමුව ජාතිය වෙනුවෙන් කැප කරන ලෙසද සියලු පෝෂණ වෛද්‍යවරුන්ගෙන් ඉල්ලා සිටියේය.
සායනික පෝෂණවේදය ශී‍්‍ර ලංකාව තුළ ව්‍යාප්ත කිරීමට ගත් උත්සාහයෙහි ප‍්‍රතිඵලයක් ලෙස මේ වන විට මානව පෝෂණය පිළිබඳ විද්‍යාපති උපාධිය සම්පූර්ණ කළ වෛද්‍ය කණ්ඩායමක් දිවයිනේ සියලු ශික්ෂණ රෝහල්වල සේවය කරන අතර 2020 වන විට සායනික පෝෂණවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් බිහි කිරීම ඉලක්කය වේ.
ශී‍්‍ර ලංකා වෛද්‍ය පෝෂණ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස, උප සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය යන මහත්වරුන් ඇතුළු එහි සාමාජිකයින් ද විශේෂ ආරාධිත පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
pmdnews