තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබද පණත සම්බන්ධව ගාල්ල දිස්ත්‍රික් රාජ්‍ය නිලධාරීන් වෙත දැනුම්වත් කිරීම වෙනුවෙන් පැවති වැඩමුළුව පසුගියදා ගාල්ල, උණවටුන ප්‍රදේශයේ පැවති අවස්ථාවේ එහි ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමින් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා මෙම අදහස් පල කර සිටියේය.
තොරතුරු දැනගැනීමේ පනත පිළිබදව එහි අවශ්‍යතාව පිළිබඳව අපේ රට තුළ මූලික කතිකාවතක් ඇති වෙලා බොහෝ කාලයක් වෙනවා. සමහර ආණ්ඩුවලට මේ පනත නයාට අඳුකොළ වගේ තත්වයකුත් තිබුණා. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාගේ දින 100 ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තොරතුරු දැනගැනීමේ පනත ගෙනෙන බව ඇතුළත් වුණා. ඒ කාර්යය මගේ අමාත්‍යංශයට පැවරුනා. පාර්ලිමේන්තුවේ මෛත්‍රි ආසන 225 ම ඒකච්ජන්දයෙන් සම්මත කරලා විනිවිද පාලනයක් ගෙන යන්නට යහ පාලනයක් හැටියට මේ රට ඉදිරියට ගෙන යන්නට මේ පනත පාර්ලිමේන්තුවට ගෙන ඒමේ වාසනාව මට ලැබුණා. මේ පනත වෙනත් රටවල සම්ම්ත වුණාට ක්‍රියාත්මක වෙන්න අවුරුදු ගණනාවක් ගියා. අපේ රටේ එහෙම වෙන්න බැහැ. මේක හමස් පෙට්ටියේ දාලා තියෙන පණතක් නොවෙයි. එළඹෙන පෙබරවාරි 04 වෙනිදා මේ පණතේ පළමු තොරතුර ලබා දෙනවා. තොරතුරු දැනගැනීමේ පනතින් ආණ්ඩුව වීදුරු කුඩුවක් ඇතුළට ගිය හා සමානයි.
ආණ්ඩුවකට ලේසි නැහැ මේ පනත සම්මත වුණු එක. ආණ්ඩුවට තොරතුරු දීලා වැඩ කරන්න පුළුයන් කියන එක ලේසි වැඩක් නොවෙයි. ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන්, පළාත් පාලන ආයතන ලේකම්වරුන් ඇතුළු රජයේ ආයතන ප්‍රධානීන් එක්ව සිටි මෙම වැඩමුළුව අමතමින් ඇමති ගයන්ත මෙසේද කීය.
“ වෙනත් රටවල මෙවැනි පණත් ගෙන ආ ජනතා ලේ වැගිරීම් සිදු වුණාට පසුවයි. අපේ රටේ රජය ජනතාවට ඉබේටම මෙවන් පණතක් හදුන්වා දුන්නා. එහෙත් අපේ ජනතාවට මෙවන් පනතක් හදුන්වා දීලා තිබුණත් එහි වටිනාකම, වැදගත්කම තවම දැනෙන්නේ නැහැ. තව මාස 06 ක් යන විට ජනතාවට මේ පනත පිළිබද යම් අවබෝධයක් ලැබේවි. තවත් අවුරුදු කිහිපයක් යන විට මේ ගැන ජනතාව තේරුම් ගනීවි. ගමේ පාරට තාර ටික දානවිට, ගමේ පාසලට තමන්ගේ ළමයව ඇතුළත් කරන විට මේ පණතේ වැදගත් කම ජනතාවට ඉදිරියේදී තේරුම් යාවි. පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ කාර්ය සියලුම පොලිස් ස්ථාන වලට පත්වන තොරතුරු දැනගැනීමේ නිළධාරීන් මගින් ලබාදීම සිදු කරනවා. ඩීසල් මිල පෙට්‍රල් මිල, භූමිතෙල් මිල අඩු වුණා නම් ජනතාවට දැනෙනවා. විදුලි බිල වැඩි වුණා නම්, වැට් එකෙන් දුරකථන මිලට මොකක් හරි වණා නම් ජනතාවට හොදින් දැනෙනවා. නමුත් මෙකදැනෙන්නේ නැහැ. ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තම තමයි පුරවැසියට දැනෙන්න පටන් ගන්නේ මේක අපට මොන තරම් වැදගත් පනතක්ද කියලා.
“ අපේ රටේ රාජ්‍ය නිළධාරීන් මේ පනත සම්බන්ධව මේ වෙන කොට හොඳ උනන්දුවකින් පසු වෙනවා. ජනමාධ්‍ය අමාත්‍යංශය හා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මඟින් පසු අනුරාධපුරය, පොළොන්නරුව, මහනුවර හා කෑගල්ල දිස්ත්‍රික්ක වල රජයේ නිලධාරීන් හා මාධ්‍යවේදීන් මේ සම්බන්ධව දැනුවත් කිරීම් සිදුකළා. එහිදී ඒ අයගේ මේ පනත සම්බන්ධව තිබුණු උනන්දුව මා දුටුවා. මේ වැඩමුළුව අතර තමුන්නාන්සේලාට පුළුවන් මේ සඳහා එක් කළ යුතු අළුත් යෝජනා තියෙනවා නම් ඒවා ඉදිරිපත් කරන්න. මොකද මෙතන ඉන්නේ ජනතාවගේ සිතුම් පැතුම් හොදින් තේරුම්ගත් ජනතාව සමග නිරන්තරව ගැටෙන පිරිස. මේ අය කාමරවල ඉඳන් තීරණ ගන්න පිරිස නොවෙයි. ජනතාව සමග එකට කටයුතු කරන අයයි. ඒ නිසා ඔබලාගේ අදහස් වැදගත් වෙනවා. ඒ බව අප හොදින් හදුනාගත් නිසයි මුලින්ම පණත පිළිබඳව ඔබලාව දැනුවත් කිරීමට තීරණය කළේ. ’’
“ මෙවන් පනතක අවශ්‍යතාව පිළිබඳව දකුණු ආසියාවේ මුලින්ම කතා කළේ අපේ රට. ඒ වුණාට අවාසනාවකට තොරතුරු දැනගැනීමේ පනත අවසානයට සම්මත වෙලා ක්‍රියාත්මක වන්නේ අපේ රටේ. ඒ අවාසනාවෙන් අපට වුණූ ප්‍රමාදය අපි වාසියක් කරගත්තා. ඒ නිසා අනිත් රටවල් මේ පණත ක්‍රියාත්මක කළේ කොහොමද? එහිදී ඇති වුණු ගැටළු අඩුපාඩු හොදින් තේරුම් ගන්න අපට හැකි වුණා. ඒ අත්දැකීම් සියල්ල ප්‍රමාදයේ වාසිය ලෙස අරගෙන දකුණු ආසියාවේ හොදම දෙවැනි තොරතුරු දැනගැනීමේ පනත ශ්‍රි ලංකාවේ හදුන්වා දුන්නා. මේ වෙනකොට ජනතාව මේ පනත සම්බන්ධව දැනුම්වත්භාවය අඩු වුණත් නිලධාරීන් අපේ පැත්තෙන් ඉදිරියට ඇවිත් තිබෙනවා. මේ වෙන කොට විවිධ අමාත්‍යංශ හා ආයතන 1000 ක් පමණ තම ආයතන තුළින් පත් කරන තොරතුරු දැනගැනීමේ නිළධාරියා කවුද කියලා නම් කර මගේ අමාත්‍යංශයට එවලා තිබෙනවා. ඒ නිසා නිලධාරීන් තුළ තිබෙන විශාල උනන්දුව ඔවුන්ගෙන් ලැබෙන සහයෝගය අගය කරනවා. මේ පනතින් අපේ රටේ ජනතාව ආකල්පමය වෙනසක් ඇති කොට සාර්ථකව අනාගතයකට රැගෙන යන්න පුළුවන් කියන විශ්වාසය මා තුළ තිබෙනවා.’’
මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් නීතිඥ නිමල් බෝපගේ, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලන්සූරිය ඇතුළු පිරිසක් එක් වූහ.