දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය මාර්ග සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ යටතේ මොරටුව දුම්රිය ස්ථානය හා රත්මලාන දුම්රිය ස්ථාන අතර පිහිටා ඇති පැරණි දුම්රිය පාලම වෙනුවට නව දුම්රිය පාලමක් ස්ථාපිත කිරීම වෙනුවෙන් මෙලෙස තාවකාලිකව දුම්රිය ගමන් නතර කෙරේ.
ඒ අනුව ඉහත කාලය තුළ මාතර හා ගාල්ල දෙසින් පැමිණෙන සියලු ම දුම්රියයන් මොරටුව දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය වන අතර අනෙකුත් මාර්ගවල සිට පැමිණෙන සියලු ම දුම්රියයන් රත්මලාන දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය වේ.
මෙම නවීකරණ කටයුත්ත හේතුවෙන් දුම්රිය මගීන්ට සිදුවන අපහසුතාවය පිළිබඳ ව දුම්රිය දෙපාර්තමේන්තුව විසින් කණගාටුව ප්රකාශ කරන අතර, ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලය මගින් ලංගම බස්රථ යොදාගෙන මොරටුව හා රත්මලාන අතර බස් රථ සේවාවක් ක්රියාත්මක කිරීමට කටයුතු සංවිධානය කර ඇත.