ඒ අනුව ධීවර හා සෙසු නිෂ්පාදන ක්ෂේත්රයේ ආයෝජනය සදහා ව්‍යාපාරිකයින් 100 දෙනෙකු මුල් පියවරේදී යොමුකිරීමට කටයුතු කරන බව NEZAKET EMINE ATASOY මහත්මිය අවධාරණය කලාය .
මෙහිදී රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසුවේ දෙරට අතර ඇතිකරගත් සුහදතාව තවත් වර්ධනය කරගනිමින් ආර්ථික සංවර්ධනය සදහා කටයුතු කිරීමට සුදානම් බවය.
ඒ සදහා අවශ්‍ය පහසුකම් සැලසීමට කටයුතු කල හැකිබව සදහන් කළ රාජ්‍ය අමාත්‍යවරයා ධීවර කර්මාන්තයේ ප්‍රවර්ධනය උදෙසා ව්‍යාපෘති ගණනාවක් සැලසුම් කර ඇතැයි අවධාරණය කළේය.
මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා, “ මම රාජ්‍ය අමාත්‍ය ධුරයට පත්වීමෙන් පස්සේ නිරත වූ විදෙස් සංචාර දෙකෙන්ම රටට විශාල ආයෝජනයක් රැගෙන ආවා . මාගේ පළමු විදේශ සංචාරය වූ කොරීයානු සංචාරයේදී බහුකාර්ය ධීවර වරායන් මෙන්ම ධීවර නිවාස ගම්මාන වැනි ප්රතිලාභ රැසක් අත්කරදීමට හැකි වුණා .
ඒ වගේම තුර්කි කර්මාන්ත සංසදයේ සභාපතිනිය මට හමුවුනේ මම මොරොක්කෝවේ කල සංචාරයෙදියි . එහිදී මම ඇයට ආරාධනා කළා ආයෝජනය සදහා ශ්‍රී ලංකාවේ ඉතා හොද තත්වයක් පවතිනවා ඒ නිසා ආයෝජකයන් අපේ රටට යොමුකරන්න කියලා .
එදා මම කරපු ඒ ඉල්ලීමට ගරු කරලා ශ්‍රී ලංකාවට ඇවිත් මෙරට ආයෝජන අවස්ථා පිළිබද සොයා බලා ආයෝජකයින් මෙරට ආයෝජනය සදහා යොමු කිරීමට ඉදිරිපත්වීම පිළිබදව මාගේ ස්තුතිය පිරිනැමිය යුතුයි .ඒ වගේම පළමු පියවරේදී මෙරට ආයෝජනය සදහා ව්‍යාපාරිකයින් 100 දෙනෙකු යොමුකිරීමට තුර්කි කර්මාන්ත සංසදයේ සභාපතිතුමිය ගත් පියවර රටක් ලෙස අප ලබා ගත් විශාල ජයග්‍රහණයක් ”
මෙම අවස්ථාවට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් අබ්දුල් මජිඩ් මහතා රාජ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් ජී.එම්.දිනේෂ් කුමාර , උපදේශක අයේෂ් රණවක යන මහත්වරුන් මෙන්ම ආයතන ප්‍රධානින් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.
AP