ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් සේ ම දෙරට අතර පවතින ශක්තිමත් මිත්‍රත්වය සම්බන්ධයෙන් මෙහෙදී කරුණු සාකච්ඡා කෙරිණි.
ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදනය තවදුරටත් ඉහළ නැංවීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දීමට සූදානම් බව මහකොමසාරිස්වරයා එහි දී සඳහන් කළේය. මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා එහි දී කියා සිටියේ ශ්‍රී ලංකාව දීර්ඝ කාලීන සංවර්ධන ගමනකට අවතීර්ණ වී ඇති බවයි. ඒ සඳහා ජාත්‍යන්තර සහය නිරන්තරයෙන් හිමි වන බවත්, ඕස්ට්‍රෙලියාව වැනි දියුණු රාජ්‍යයක් දක්වන සහය අතිශය අගය කරන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.