අමරදේව ශූරීන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද ( 05) පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව නිදහස් චතුරස්‍රයේදී සිදු කිරීමට කටයුතු සූදානම් කර තිබේ.
අවමංගල්‍ය උත්සවයේ කටයුතු වෙනුවෙන් අද පෙරවරු 7.00 සිට නිදහස් මාවතට වාහන ඇතුළුවීම සීමා කරනු ලබයි. අවසර ලත් වාහන පමණක් නිදහස් මාවතේ ඇතුළු කරන අතර අනෙකුත් වාහන විකල්ප මාර්ග භාවිත කළ යුතු වේ.
ඒ හේතුවෙන් මාර්ග අවහිරතාවයක් ඇති වීමට ඉඩ ඇති බැවින් එම මාර්ගයේ ගමන් ගන්නා මහජනතාව හා රියදුරන් හැකිතාක් විකල්ප මාර්ග භාවිතා කිරීමට කටයුතු කරන ලෙසට පොලීසිය ඉල්ලා සිටි.
මෙම උත්වසයේ මහජන රථ ගාල් වශයෙන් ආනන්ද කුමාරස්වාමි මාවත, රාජකීය මාවත, ග්‍රෙගරි පාර, එෆ්. ආර්. සේනානායක මාවත, මේට්ලන්ඩ් පෙදෙස ජාතික රූපවාහිනී භූමිය, නිදහස් ආකේඩ් භූමිය, පදනම් ආයතනය පෙදෙස, පාපන්දු සම්මේලනය, තුරග තරග පිටියේ රථගාල, මලලසේකර මාවත, ටොරින්ටන්, CR & FC ඉදිරිපිට රථගාල වෙන් කර ඇති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.