"රටම එළියයි - අඳුර දුරළයි" වැඩසටහන යටතේ සමස්ත දිවයින දිස්ත‍්‍රික් මට්ටමෙන් විදුලියෙන් ඒකාලෝක කිරීමේ ව්‍යාපෘතියේ අම්පාර දිස්ත්රික්කයේ විදුලියනය 100% ක් බව සනිටුහන් කරමින් අම්පාර දිස්ත‍්‍රික්කයේ පොල්ලේබැද්ද ආදිවාසි ග‍්‍රාමයේ නායකයාගේ නිවසට විදුලි ලබාදීමේ අවස්ථාවට පසුගියදා එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
අමාත්‍යවරයා ප්‍රකාශ කළේ අම්පාර දිස්ත‍්‍රික්කයේ නිවාස 11438 කට නව රජය යටතේ විදුලිය ලබාදී තිබෙන බවයි.
"විදුලිබල අමාත්‍යවරයා හැටියට ප‍්‍රධාන කාරණා 03 ක් පැවරිලා තියෙනවා. ඒ තමයි විදුලිය නිෂ්පාදනය, සම්පේ‍්‍රෂණය සහ බෙදාහැරීම. පසුගිය සමයේ නොරොච්චෝල බලාගාරය එකවරම ඇනහිටියා තාක්ෂණික ගැටලුවක් නිසා. නමුත් ලංකා විදුලිබල මණ්ඩලයේ ඉහළ සිට පහළට නිලධාරින්ගේ ඒකමතික කැපකිරිම නිසා එම බලාගාරයේ බිඳවැටීම් යතා තත්ත්වයට පත්කරගන්න හැකිවුණා. අපට අවශ්‍යවුණා ලංකාවේ සෑම නිවසකටම විදුලිය ලබාදෙන්න. මම විදුලිබල ඇමතිවරයා වනවිට නිවාස 247920 කට විදුලිය තිබුණේ නැහැ. එයින් දැන් 178470 කට මම විදුලිය දුන්නා. අම්පාරේ පමණක් විදුලිය නොමැති නිවාස 11438 ක් තිබුණා. ඒ විදුලිය නොමැති සෑම නිවසක්ම විදුලියෙන් ආලෝකවත් කරලා, අද මේ අපි සංකේතවත් කරන්නේ අම්පාර දිස්ත‍්‍රික්කයේ අවසන් නිවසට විදුලිය ලබාදිමය" යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.