නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක ආඝාත දිනය අදයි- නිසි ක්‍රියාමර්ග අනුගමනය කළහොත් ඉදිරි වසර 10 තුළ මිනිස් ජිවිත මිලියන 07ක් බේරා ගැනීමට හැකියි

    ඔක්තෝබර් 29, 2016

    ප්‍රබල මහජන සෞඛ්‍ය ප්‍රශ්නයක් බවට පත්වෙමින් පවතින ආඝාත රෝගය පිළිබඳව ලෝක ජනතාව දැනුවත් කෙරෙන ලෝක ආඝාත දිනය අද (29) යෙදී තිබේ.

    වෛද්‍යවරුන් පෙන්වා දෙන පරිදි ආඝාතය අති දරුණු ව්‍යවසනයකි.අංශභාගය මෙහි ප්‍රධානතම රෝග ලක්ෂණය වී ඇත.


    ලොව පුරා ආඝාත රෝගී තත්ත්වයෙන් වසරකට මිනිස් ජීවිත මිලියන 5.7ක් මරණයට පත් වේ. වැඩි හිටියන් ආබාධිත ත්ත්වයට පත්වන ප්‍රධාන සාධකය වන්නේ ආඝාතයයි. අධි රුධිර පීඩනය, අධික කොලොස්ටරෝල්, තරබාරුව, දියවැඩියාව, හෘදරෝග යන රෝගී තත්ත්වයන් වසංගතයක් ලෙස මහජන සෞඛ්‍යයට තර්ජනයක් වී ඇත. සෞඛ්‍ය ආරක්ෂිත නොවන ආහාර භාවිතය, දුම් පානය, ශාරීරික ව්‍යායම අඩුකම ආදී කරුණු ආඝාතය ඇති වීමට මූලික හේතු බව හඳුනාගෙන ඇත.

    වසර 2015 වනවිට ආඝාතයෙන් සිදු වන මරණ සංඛ්‍යාව මිලියන 6.7ක් දක්වා ඉහළ අගයක් ගනු ඇතැයි ශ්‍රී ලංකා ජතික අඝාත සංගමය පවසයි. ආඝාත ත්ත්වයෙන් මිදීමට නිසි ක්‍රියාමර්ග අනුගමනය කළහොත් ඉදිරි වසර 10 තුළ මිනිස් ජිවිත මිලියන 07ක් බේරාගැනීමට හැකියාව ඇති බවද ආඝාත සංගමය පවසයි.


    ශ්‍රී ලංකවෙන් ආඝාතය තුරන් කිරීම සඳහා සුවිශේෂී වැඩසටහන් රැසක් සෞඛ්‍ය අමාත්‍යාංශයත්, ශ්‍රී ලංකා ජාතික ආඝාත සංගමයත් අත්වැල් බැදගනිමින් සිදු කරමින් පවතී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya