කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශයේ වැඩබලන ලේකම්වරයා විසින් කහටගහ ග්‍රැෆයිට් පතළේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් මේ බව දැනුම් දී තිබේ.
කහටගහ ග්‍රැෆයිට් ආයතනයේ ඛනිජ සම්පත් වඩා ඵලදායි ලෙස යොදවා ගැනීමට හා මෙරට ආර්ථික සංවර්ධනයට දායක කර ගැනීමේ අරමුණින් අගය එකතු කළ නිෂ්පාදන ව්‍යාපෘති ආරම්භ කර එමඟින් අපනයන ආදායම වැඩිකර ගැනීම සඳහා සුදුසු සැලසුම් සකස් කිරීමට නියමිත බවද එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.