අඩු ආදායම්ලාභී ජනතාවගේ ජීවන තත්ත්වය නඟාසිටුවීම පිණිස සංවිධානය වී ඇති කුඩා කණ්ඩායම්, සමිති, මහා සංගම් හා ඊට අදාළ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබන ගම් මට්ටමේ නිලධාරින් 'දිවි නැගුම' යන නාමය වෙනුවට 'සමෘද්ධි' යන නාමය යොදන ලෙස කරනු ලබන ඉල්ලීම් සැලකිල්ලට ගෙන 'දිවි නැගුම' යන්න වෙනුවට 'සමෘද්ධි' නාමය ආදේශ කිරීම පිණිස මෙලෙස පනත සංශෝධනය කිරීමට පියවර ගෙන ඇත.
ඒ අනුව, එම කාර්යය සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් කෙටුම්පත් කරන ලද සංශෝධන පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් අනතුරුව, අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම සිදු කෙරේ.
සමාජ සවිබලගැන්වීම් හා සුබසාධන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා විසින් මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කොට ඇත.