පාසල් ගුරුවරුන් නිරන්තරයෙන්ම එම අධ්‍යාත්මීය අඩුව පිරවීම සදහා කැප වී ක්‍රියාකල යුතු බවද ජනාධිපතිවරයා විසින් අවධාරණය කන ලදි. උතුරුමැද පළාතේ ගුරු පුරප්පාඩු පිරවීම සදහා අලුතින් බදවා ගත් උපාධිධාරීන් දහසකට සහතික පත් පිරිනැමීම නිමිත්තෙන් අනුරාධපුර මහජන ක්‍රීඩාංගනයේ පැවති රැස්වීම අමතමින් ජනාධිපතිතුමා මේ අදහස් පළකළේ ය.
මේ අවස්ථාවට එක් වු උතුරුමැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතා සදහන් කලේ , ගුරු පුරප්පාඩු ඇති පාසල් හි ගුරු පුරප්පාඩු පිරවීම වෙනුවෙන් මෙම පත්වීම් ප්‍රදානය කරන බැවින් , කිසිදු හේතුවක් නිසා ගුරු මාරුවීම් පිළිබදව නවක පත්වීම් ලාභින්ගෙන් ලැබෙන ඉල්ලීම් කිසි සේත් සලකා නොබලන බවයි. උතුරුමැද පළාතේ තවත් ගුරු පුරප්පාඩු 1500 කට ආසන්න සංඛ්‍යාවක් පවතින බවද ප්‍රධාන අමාත්‍යවරයා සදහා කලේ ය.
මෙම උත්සවයේ දී පෙර පාසල් ගුරුවරුන් 2,438 දෙනෙකුට රක්ෂණාවරණ ලබාදීම ද සිදු කෙරුණා. එමෙන්ම මෙතැන් සිට එම සියලුම පෙරපාසල් ගුරුවරුන් සේවක අර්ථ සාධක අරමුදලට සම්බන්ධ වනු ඇති. 2016 වර්ෂයේ ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ඨ ජයග්‍රහණයන් ලද දරු දැරියන් ඇගයිමට ලක් වීම ද ජනාධිපතිතුමා ඇතින් සිදු විය. උසස් තාක්ෂණ ඩිප්ලෝමාධාරීන් පිරිසකට හා ගණකාධිකාරි වරුන් පිරිසකට පත්වීම් පිරිනැමිමද මෙහිදි සිදුකෙරිණි.
ගොවි සතියට සමගාමී ගොවි කාන්තා සම්මේලනය ද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූනේ , ගල්නෑව ප්‍රදේශයේ යි. උතුරුමැද පළාතේ හෙළ වෙදැදුරන් ඇගයීම ද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණේ , ස්වර්ණපාලී බාලීකා විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දීය.
AP/DMU-Anuradhapura