නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වෛද්‍ය උපකරණවලටත් මෘදුකාංගයක් - සෞඛ්‍ය ඇමතිගෙන් නියෝගයක් Featured

    ඔක්තෝබර් 11, 2016
    ඖෂධ හිඟයකින් තොරව ලබාදීම සඳහා හඳුන්වා දුන් මෘදුකාංගයට සෞඛ්‍ය සේවාවට අදාල වෛද්‍ය උපකරණ ද ඇතුළත් කර යාවත්කාලීන කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා වෛද්‍ය සැපයුම් අංශයට උපදෙස් ලබාදෙන ලදි. 
     
    සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක දී සෞඛ්‍ය අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේ ඖෂධ වර්ග මෙන්ම වෛද්‍ය උපකරණ ද හිඟයකින් තොරව ලබාදිය යුතු බවයි. ඒ සඳහා මෘදුකාංගය භාවිත කළ යුතු බවත්, ඒ පිළිබඳ ව සියලු ම රෝහල් අධ්‍යක්ෂවරු දැනුවත් කරන ලෙසත්, ඉල්ලා සිටියේය. 
     
    සෞඛ්‍ය සේවාවේ ක්‍රියාත්මක විශේෂ ඒකකවලට අදාල ඖෂධ සහ උපකරණ කඩිනමින් සහ හිඟයකින් තොරව ලබාදෙන ලෙස ද සෞඛ්‍ය අමාත්‍යවරයා වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලාල් පනාපිටිය මහතාට දැනුම් දෙන ලදි. 
     
    ඖෂධ ගෙන්වීමේ දී විශේෂඥ වෛද්‍යවරුන් සමග සාකච්ඡා කිරිම ද උචිත බව සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. 
     
    සෞඛ්‍ය අමාත්‍යවරයාගේ සංකල්පයක් මත ඖෂධ හිඟයකින් තොරව රෝහල්වලට ලබාදීම සඳහා මෘදුකාංගයක් හඳුන්වා දුන් අතර, එමගින් රෝහල්වලට අවශ්‍ය ඖෂධ මේ වනවිට කඩිනමින් ලැබී ඇත. එම නිසා ඖෂධ හිඟයක් මතු වී නොමැත. මාස දෙකක කාලයකට අවශ්‍ය ඖෂධ ගබඩා කර තබා ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී වෛද්‍ය සැපයුම් අංශයට දැනුම් දෙන ලදී. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya