මෙවැනි දර්ශන විකාශය කිරීම මාධ්‍යයේ ආචාරධර්ම අමු අමුවේ උල්ලංඝණය කිරීමක් බව අමුතුවෙන් කිවයුතු නැත. අන්තර්ජාතික මාධ්‍ය රීතීන්ට අනුකූලව රූපරාමු බොඳ කර හෝ නොකර හෝ මෙවැනි අති සංවේදී දර්ශන ප්‍රසිද්ධියේ විකාශය කිරීම ශිෂ්ඨ සමාජයක කිසිසේත් ම සිදු නොවිය යුත්තකි.
පිළිගත් මාධ්‍ය ආචාරධර්ම වල ප්‍රධානම අංගයක් වන්නේ හානිය අවම කිරීමයි (Minimizing Harm). මෙහිදී වින්දිතයාටත් ඔහුගේ පවුලේ සාමාජිකයන්ටත් වන හානිය මෙන් ම මෙම දර්ශන නරඹන කුඩා දරුවන් ඇතුළුව සංවේදී පුද්ගලයන්ට වන හානිය ද බරපතලය. මෙය මාධ්‍ය අධ්‍යාපනයේ ප්‍රාථමික සිද්ධාන්තයකි. සියදිවි නසාගැනීම් වාර්තාකරණය සම්බන්ධයෙන් රටේ පවතින නීති රීති ද මෙහිදී සැළකිල්ලට ගත යුතු ය.
ජනමාධ්‍යයට ආචාරධර්ම මතක් කරදීම රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කාර්යභාර්යක් නොවූවත් ක්ෂේත්‍රයේ වෘත්තිය භාවය පිළිබඳ අවධානය යොමු කිරීමේ දී එවැනි මතක්කරදීම් සඳහා සුදුසු කාලය එළැඹ ඇතැයි ද හැඟේ. විකාශන මාධ්‍ය සඳහා ස්වාධීන නියාමන ක්‍රමවේදයක් නොතිබීම මෙවැනි ආචාරධර්ම කඩකිරීමට ප්‍රධාන හේතුවක් බව රජය විශ්වාස කරයි. එවැනි ක්‍රමවේදයක ඉක්මන් අවශ්‍යතාව මෙවැනි ප්‍රවෘත්ති විකාශ කිරීම හේතුවෙන් මනාව පිළිබිඹු වෙයි.
කෙසේ වෙතත් ආචාරධර්ම කඩවන මෙවැනි ප්‍රවෘත්ති විකාශය කිරීමෙන් වැළකී සිටින ලෙස සියලු මාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටින අතර මේ කරුණ පෙන්වාදුන් විගසම ඊට ප්‍රතිචාර වශයෙන් මෙම ප්‍රවෘත්තිය විකාශය කිරීම අත්හිටවූ ඇතැම් නාලිකාවලට අපගේ ප්‍රසංශාව හිමිවේ.