ලෝක ආර්ථික සමුළුවේ මෙහෙයවීමෙන් සංවිධානය කෙරුණු ඉන්දීය ආර්ථික සමුළුව අවස්ථාවේ ඉන්දීය කර්මාන්ත ෆෙඩරේෂනයේ සාමාජිකයන් සහ ශ්‍රී ලංකා අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර පැවති විශේෂ සාකච්ඡාවේ දී ෆෝබ්ස් මහතා වැඩිදුරටත් සඳහන් කළේ ශ්‍රී ලංකාව සමග සමීප සහ ගැඹුරු ව්‍යාපාරික සබඳතා වැඩිදියුණු කර ගැනීමට තමන් ඉතා කැමැත්තෙන් සිටින බවය.
ඒ අරමුණින් ලබන සතියේ සිදු කෙරෙන සංචාරයට අමතරව, ඉදිරි මාස කීපය තුළ දී හඳුනාගත් ක්ෂේත්‍රයන් නියෝජනය කරන තවත් ව්‍යවසායකයින් පිරිසක් ශ්‍රී ලංකාව වෙත එවීමට කටයුතු කරන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.
මේ අවස්ථාවට ඉන්දීය කර්මාන්ත ෆෙඩරේෂනය නියෝජනය කරන ප්‍රධාන ව්‍යවසායකයන් නියෝජනය කරමින් ඉහළම පෙළේ විධායක නිලධාරීන් සහභාගී වූ අතර, ඔවුන් සියලු දෙනාම පාහේ ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට තමන් තුළ ඇති අභිලාෂයන් අගමැතිවරයා හමුවේ ගෙනහැර දක්වන ලදී.
ශ්‍රී ලංකාවේ ආයෝජන කටයුතු සිදු කිරීමේ දී මුහුණ පෑමට සිදු වුණු ප්‍රායෝගික ගැටලු සම්බන්ධව ද අගමැතිවරයාගේ අවධානය යොමු කෙරිණි.
විදේශ අමාත්‍ය මංගල සමරවීර, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් චිත්‍රාංගනී වාගීෂ්වරී, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි, පස්අවුරුදු සැලසුම් ප්‍රධානී අර්ජුන මහේන්ද්‍රන් සහ සංවර්ධන ඒජන්සියේ අධ්‍යක්‍ෂ මංගල යාපා යන මහත්ම මහත්මීහු ද මේ අවස්ථාවට එක් වී සිටියහ.