නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික තිරසර සංවර්ධන සහභාගීත්ව මණ්ඩපය ජනපති ප්‍රධානත්වයෙන් හෙට

    ඔක්තෝබර් 04, 2016
    ජාතික තිරසර සංවර්ධන සහභාගීත්ව මණ්ඩපය ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට සවස 2.00 ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටි ලෝටස් පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතයි.
    තිරසර සංවර්ධන අභිමතාර්ථයන් ක්‍රියාවට නැංවීම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්, නිලධාරීන් සහ පාර්ශවකරුවන් අතර පරිණාමනීය සංවාදයක් ඇතිකිරීම අරමුණු කරගෙන මෙය පැවැත්වෙන බව තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යංශය පවසයි.
     
    තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යංශය රටේ තිරසර සංවර්ධන අවශ්‍යතා  සහ නිර්ණායකයන් ඒකාබද්ධ කිරීම සඳහා වඩා යහපත් විසඳුම් ළඟා කරගැනීමේ  අරමුණෙන් පිහිටා ඇත. වැදගත් කාර්යයන් වනුයේ දේශපාලන ක්‍රමෝපායන්, වැඩසටහන්, යාන්ත්‍රණයන්, සම්බන්ධීකරණය කිරීම හා ඒකාබද්ධ වූ ප්‍රවේශයන් අමාත්‍යංශ සහ ආයතන අතර යාන්ත්‍රණයන්, කොටස්කරුවන්, සම්බන්ධීකරණය කිරීම හරහා පාරිසරික,සාමාජීය සහ ආර්ථික තිරසර බව තහවුරු කිරීම වෙනුවෙන් වෙන්වූ සංවර්ධන අභියෝගයන්ට විසදුම් ලබාදීම  වේ.
     
    ඒ සමගම 2030 තිරසර සංවර්ධන න්‍යායපත්‍රය සහ තිරසර සංවර්ධන ඉලක්ක 17 ඒකාබද්ධ කර පහසුකම් සැපයීමේ කාර්යය ද සිදුකරනු ලබන්නේ තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යංශය විසිනි. ඒ සඳහා තිරසර සංවර්ධන අංශයක් ස්ථාපිතකොට ජාතික තිරසර සංවර්ධන ක්‍රියාදාමය කෙරෙහි ක්‍රියාකාරකම් ආරම්භ කර ඇත. ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධන ඉලක්ක තහවුරු කිරීම සඳහා ප්‍රතිපත්ති සහ ආයතන ව්‍යූහය, ක්‍රමෝපායන් හා ක්‍රියාකාරී සැලැස්ම දියත් කිරීම මෙහි ප්‍රධාන අරමුණ වේ.
     
    මෙම ජාතික තිරසර සංවර්ධන සහභාගීත්ව මණ්ඩපය සඳහා සහභාගීවන ලෙස මැති ඇමතිවරුන්, පාර්ලීමේන්තු මන්ත්‍රිවරුන්, පළාත්සභා ප්‍රධාන අමාත්‍යවරුන් ඇතුළු සියළුම මහජන නියෝජිතයින්ගෙන් තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා සහ තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය අමාත්‍ය සුමේධා ජී. ජයසේන මහත්මිය ඉල්ලා සිටී. 
     AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya