සැප්තැම්බර් 24 වන දින පැවැත්වීමට නියමිතව තිබු රාජ්‍ය භාෂා ප්‍රවීණතා ලිඛිත විභාගය-2016 ( සිංහල/දෙමළ- I/II/III/IV මට්ටම) කල් දමන ලද බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 130 කදී මෙම විභාගය පැවැත්වීමට නියමිතව තිබු අතර රාජ්‍ය භාෂා කොමසාරිස් විසින් කරන ලද ඉල්ලීමක් මත මෙය කල් දැමු බවද විභාග දෙපාර්තමේන්තුව පවසයි. AP