නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උපාධිධාරී හා ඩිප්ලෝමාධාරී නවක ගුරුවරුන්ට නේවාසික පුහුණුවක් Featured

    සැප්තැම්බර් 18, 2016

    පාසල් අධ්‍යාපනය ගුණාත්මකව සංවර්ධනය කිරීම සඳහා අඛණ්ඩ ගුරු පුහුණුව, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් අනිවාර්ය කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

    ඒ අනුව නොබෝදා සේවයට බඳවාගත් උපාධිධාරී හා ඩිප්ලෝමාධාරී ගුරුවරුන් 1035 ක් දිශාභිමුඛ කිරීමේ නේවාසික පුහුණු පාඨමාලාවක් දිවයින පුරා මධ්‍යස්ථාන පහක අදියර දෙකක් යටතේ පැවැත්වේ.

    මෙහි පළමු අදියර නවක ගුරුවරුන් 600 කගේ සහභාගිත්වයෙන් සැප්තැම්බර් මස 17 වෙනි දා සිට ඔක්තෝබර් මස 07 වෙනි දා දක්වා පැවැත්වෙන අතර දෙවන අදියර නවක ගුරුවරුන් 435කගේ සහභාගිත්වයෙන් ඔක්තෝබර් මස 10 වෙනි දා සිට ඔක්තෝබර් මස 30 වෙනි දා දක්වා පැවැත්වීමට නියමිතය. පුහුණුවෙන් පසු ඔවුන් අදාළ පාසල්වල රාජකාරි කටයුතු සඳහා යොමු කෙරේ.

    පාඨමාලාව සඳහා කැඳවීම් ලිපි ලද වහාම නියමිත මධ්‍යස්ථානයට වාර්තා කළ යුතු බව අදාළ ගුරුවරුන් වෙත අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා සිටි.

    පාඨමාලාව පැවැත්වෙන්නේ, මහරගම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය, මහනුවර මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය, වේයන්ගොඩ සියනෑ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය, කළුතර පස්දුන්රට ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය හා වවුනියාව ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය යන මධ්‍යස්ථානවල මෙම පුහුණුවීම් සිදු කෙරෙන බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya