ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (13) මුදල් අමාත්‍යංයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
භාණ්ඩ සඳහා උපරිම සිල්ලර මිලක් නියම කර තිබුණ ද, එම මිලට වඩා අඩු මිල ගණන්වලට භාණ්ඩ අළෙවි කළ හැකි බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා සුපිරි වෙළෙඳසැල්වල උපරිම සිල්ලර මිලට වඩා අඩුවෙන් තරගකාරී මිල ගණන් නියම කරමින් භාණ්ඩ අළෙවි කරන බව ද පෙන්වා දුන්නේය.
රජය විසින් අත්‍යාවශ්‍ය භාණ්ඩ 16ක් පාලන මිලකට යටත් කොට ඇත. ඒ අනුව රතු පරිප්පු කිලෝවක් රුපියල් 169ක්, තායිලන්ත හාල්මැස්සෝ කිලෝවක් 495ක්, ඩුබායි හාල්මැස්සන් කිලෝවක් රුපියල් 410ක්, කඩල රුපියල් 260ක්, ආනයනික මුංඇට කිලෝවක් රුපියල් 220ක්, ටින් මාළු රුපියල් 140ක්, සුදු සීනි කිලෝවක් රුපියල් 95ක්, තිරිඟු පිටි කිලෝවක් රුපියල් රුපියල් 87ක්, යොදය සහිත ආනයනික කිරිපිටි කිලෝවක් රුපියල් 810ක්, දේශීය කිරිපිටි කිලෝවක් 735ක්, සම ඉවත් කළ කුකුල් මස් කිලෝවක් රුපියල් 495ක්, සම සහිත කුකුල් මස් කිලෝවක් රුපියල් 410ක්, ආනයනික අර්තාපල් කිලෝවක් රුපියල් 120ක්, ආනයනික ලොකු ළුනූ කිලෝවක් රුපියල් 78ක්, වියලි මිරිස් කිලෝවක් රුපියල් 385ක්, කට්ටා කරවල කිලෝවක් රුපියල් 110ක්, සාලයා කරවල රුපියල් 425ක්, උම්බලකඩ කිලෝවක් රුපියල් 1500ක් හා සස්ටජන් කිරිපිටි රුපියල් 1500ක් වශයෙන් පාලන මිලකට යටත් කොට ඇත.
ජනතාව අතර භාණ්ඩවල මිල වැඩි බවට වූ මතයක් පැතිර යන අතර ම ඒ සම්බන්ධයෙන් පාරිභෝගික සේවා අධිකාරිය නිරන්තර පරීක්ෂා කටයුතුවල නිරත වන බවත් පෙන්වාදුන් ලේකම්වරයා එසේ වැඩි මිලට භාණ්ඩ අළෙවි කිරීම් සම්බන්ධයෙන් පාරිභෝගික සේවා අධිකාරියට පැමිණි කළ හැකි බවත් කීය.
පාරිභෝගික සේවා අධිකාරිය විසින් දිනකට වැටලීම් 85ක් පමණ සිදු කෙරේ. ඉදිරියේ දී කාර්යය මණ්ඩලය වැඩිකර ගැනීම හරහා වඩා පුළුල් සේවාවක් ලබාදීමට කටයුතු කර ඇති අතර ම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටම දක්වා ම සේවා කටයුතු පුළුල් කෙරේ.
මේ වන විට රුපියල් 65කට පවතින නාඩු කිලෝවක් තවත් දින 03ක් ඇතුළතදී සතොස හරහා රුපියල් 56ක මිලකට ලබාදීමට කටයුතු කරන බවත් ලේකම්වරයා පෙන්වා දුන්නේය.