කඳානේ පිහිටි ත‍්‍රීපෝෂ නිෂ්පාදනාගාරයේ නවීන යන්ත‍්‍ර සුත‍්‍ර සවි කිරීමේ කටයුතු සිදු කෙරුනු පසුගිය මාස කිහිපය තුළත‍්‍රීපෝෂ නිෂ්පාදනය අවම වී තිබුනත්, පැරණි යන්ත‍්‍ර සුත‍්‍ර යොදා ගනිමින් නිෂ්පාදන කටයුතු මිට දින 10 කට පෙර ආරම්භ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.
ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටි සමයේ ත‍්‍රීපෝෂ නිෂ්පාදනාගාරය අලුත්වැඩියා කිරිමට තීරණය කර තිබූ අතර, එම කටයුතු 2015 වසරේ දී සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා විසින් ආරම්භ කරන ලදි. ඒ අනුව රුපියල් මිලියන 700ක් වැය කරමින් ඇමරිකාවෙන් ආනයනය කරන ලද නවීන යන්ත‍්‍ර සුත‍්‍ර 2016 වර්ෂයේ ජුලි මාසයේ දී සවි කිරීමේ කටයුතු ආරම්භ කරන ලදි.
එහිදී නිෂ්පාදනාගාරයේ වහලය පොළොව මට්ටෙමි සිට අඩි 60ක් දක්වා උස් කිරීමට සිදු වූ බැවින් ත‍්‍රීපෝෂ නිෂ්පාදන කටයුතු මාස 02 ක කාලයක් නතර කර තිබුණි. නමුත් අවශ්‍ය තොඟ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවලට ලබාදී තිබූ අතර, පැරණි යන්ත‍්‍ර සුත‍්‍ර යොදා ගනිමින් නිෂ්පාදන කටයුතු යළි ආරම්භ කිරීමත් සමඟ බෙදාහැරීමේ කටයුතු ද ආරම්භ බව ත‍්‍රීපෝෂ සමාගමේ සභාපති එම්.ඩි. බන්දුසේන මහතා පවසයි.
නව යන්ත‍්‍ර සුත‍්‍ර සවි කිරීමේ කටයුතු මෙම වර්ෂයේ ඔක්තෝබර් මස පළමු සතිය වනවිට අවසන් වන අතර, ඇමරිකානු ඉංජිනේරුවන් එය පරීක්ෂා කිරීමෙන් පසු නිෂ්පාදන කටයුතු යළි ආරම්භ කිරිමට නියමිතය. එහිදී සියයට 100ක නිෂ්පාදන ධාරිතාවක් ලැබෙන අතර, මෙටි‍්‍රක්ටොන් 750ක අතිරික්ත නිෂ්පාදනයක් ද සිදු කරනු ලබයි. එම අතිරික්ත නිෂ්පාදනය විවෘත වෙළෙඳ පොලට ලබාදීමට ඇති හැකියාව පිළිබඳ සොයා බලන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා තමන්ට උපදෙස් ලබා දුන් බව ද සභාපතිවරයා පවසයි.
මීට අමතරව නිෂ්පාදනාගාරයේ Sailo ක‍්‍රමයට ගබඩා කාමර 02ක් ද ඉදි කෙරෙන අතර, ඒ සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 200කි.